දෑස නිසා - 53

1.1K 164 38
                                    

පෝන් ස්ක්‍රීන් එකේ විෂයන් ඉස්සරහ වැටුණ ඉංග්‍රීසි අකුරැ ටික දැක්කම මගෙ ඇඟට අලුත් පණක් ලැබුණ..පුටුවෙන් නැගිට්ට වුණේ ඉබේම..නිරංග අයිය මං දිහා කුතුහලෙන් බලාගෙන...

"මොකද? පාස් ද ?"

"ඔව් අයියෙ.....ඒ හතයි , බී දෙකයි...විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි තව හතරක් ඒ......අම්මෝහ්..ඇති යන්තම්.."

   මං සතුටටම නිරංග අයියව තද කරල බදාගත්ත..මට ඕන වුණේ සතුට බෙදා ගන්න..පපුව ගැහෙනව වේගෙන්...සතුටටම..

"මල්ලි වාසනාවන්තයි ඔයා වගේ අයියෙක් ලබන්න "

    නිරංග අයිය කිව්වෙ මගෙ පිටට හෙමීට තට්ටු කරන ගමන්......මං ආයෙමත් ගත්තෙ මල්ලිට...එයා ඉස්කෝලෙ යන ගමන්..බයෙන් වගේ පෝන් එක ආන්සර් කරාට රිසල්ට් කිව්වම කොල්ලගෙ කටහඬෙ තිබ්බෙ පුදුම සතුටක්...මං දන්නව මේ වෙලාවෙ මං එයා ලඟ හිටියනම් එයා ඉන්නෙ මගෙ කරේ ..

   මල්ලි උසස්පෙල ජීව විද්‍යාව කරනවට මං කැමති වුණත් එයාට බල කරේ නැත්තෙ එයා කැමති දෙයක් කරන්න..ජීව විද්‍යාව යි , සංයුක්ත ගණිතය යි දෙක අතර හිත නතර වෙලා තිබ්බ හින්දම දෙකෙන් එකක් තෝර ගන්න එයාට තව ටික කාලයක් ඕන වුණා..

   සේරා ආන්ටියි අංකලුයි මල්ලි ගෙදර එන එක බලාපොරොත්තුවෙන් හිටියෙ නොඉවසිල්ලෙන්..ඒ දෙන්නටත් මල්ලිගෙ ප්‍රතිඵල ගැන තිබ්බෙ පුදුම සතුටක්..රෑ නිදාගන්න යද්දි මං බේබිට කතා කරේ රිසල්ට් කියන්න...

"නියමයි මැණික...ඔයාගෙ උත්සාහය අපතේ ගියෙ නෑ.. "

"හ්ම්..මං කැමති මල්ලිත් බේබි වගේ ඩොක්ටර් කෙනෙක් වෙනවට "

"එයා මොනවටද කැමති ?"

"තාම අදහසක් නෑ බේබි "

"ම්...ඔයා එයාට බල කරන්න එපා..අපි බලමු එයා මොනව තෝරගනීද කියල..එයාගෙ කැමැත්තට ඉඩ දෙන්න..ආසාවෙන් කරන දේ ගොඩක් දුර යන්න පුලුවන් "

බේබි කියන දේත් ඇත්ත..මොනව වුණත් එයාගෙ කැමැත්තට බලපෑම් කරන්න මට බෑනෙ..

"බේබි අම්මට මොකද ?"

"මේ දවස්වල කවුන්සලින් යනව ..දැන් ටිකක් හොදයි වගේ..."

දෑස නිසාWhere stories live. Discover now