ඒ කියන්නෙ දිල්කිට කොල්ලෙක් ඉන්නවද...මගෙත් එක්ක යාලු වෙන්න හදන්නේ ඌ අතෑරලද..මට හිතාගන්න බෑ..මොනව වුණත් මං බේබිට මේ ගැන නොකිව්වෙ කෝල් එකකින් හරියටම දෙයක් කියන්න බැරි හින්ද..අනික මට අදාලත් නෑනෙ..
දවස් ටික ගෙවුණෙ හරි ඉක්මනට..බේබිල ආපහු යන දවස එනකම්ම දැනුණෙ නෑ....ඕන ඕන වෙලාවට බලන්න, ආදරේ කරන්න, රණ්ඩු වෙන්න , හුරතල් වෙන්න විතරක් නෙමේ බැනුම් අහන්නත් අද ඉදන් ලග නෑ කියල හිතෙද්දි දැනෙන්නෙ මුලු හිතම පාලුවට ගිය සොහොනක් වගේ....
"බේබි ..මටත් එන්න හිතෙනව "
මං කිව්වෙ යන දවසෙ බේබි ලෑස්ති වෙද්දි..එයා පාඩුවෙ ඇදුම් අදින දිහා බලන් හිටියත් මගෙ හිත තිබ්බෙ වෙන තැනක..
"බේබිට මං නැතුව පාලු නැද්ද.?..
පුතා මං නැතුව ඉදීද?..
මං එයා ලග නැතිවෙනකොට එයාට මාව අමතක වෙයිද?..
බේබිට ට්රාන්ස්ර් එක හදා ගන්න ගොඩක් කල් යයිද? "
මගෙ කෙලවරක් නැති ප්රශ්න වලට හූමිටි දෙන්නවත් නැතුව එයා මං ලගට ආවෙ මගෙ ඇස් දිහා බලන්.මට එයාව පෙනුණෙ බොද වෙලා..කදුලු වලට..එයා මාව බදාගෙන ඔලුව අතගාද්දි මගෙ කදුලු ආයෙ අලුත් වුණා..මං අත් දෙකෙන්ම තද කරල එයාව බදාගත්ත..
"මටත් ඔයා නැතුව පාලුයි මැණික..ඒත් ආදරේ කියන්නෙ අනිත් හැමදේම නවත්තල විඳින දෙයක් නෙමේ..රස්සාව, බැඳීම්, ආදරේ මේ හැම දෙයක්ම එකකට එකක් බැලන්ස් වෙන්න ඕනෙ..දුරින් හිටියට ආදරේට බාධාවක් වෙන්නෙ නෑ..මං ඉක්මනට එන්න බලන්නම්..එතකන් ඉවසල ඉන්න..මොනවම හරි ප්රශ්නයක් ආවොත් මොන වෙලාවෙ වුණත් කෝල් කරන්න..ඔයාට දැන් සමාජෙ ඇතුලෙ තනියම ගනු දෙනු කරන්න හොඳට පුළුවන්..පුතා එක්ක වීඩියෝ කෝල් ගන්නම්..එතකොට එයාගෙ ආදරේ අඩු වෙන්නෙ නෑ "
බේබි කියෙව්වෙ මගෙ ඔලුව අත ගාන ගමන්ම..මං එයාගෙ තොල් දෙකට තොල් තියද්දි එයා කිස් කරන්න ගත්තෙ වෙනදට වඩා සංයමයෙන්..ඒ උණුසුම වෙනද වගේ ඕන ඕන වෙලාවට නෑ කියල දැනෙද්දි මං තව තව බේබිට ලං වුණා..
"අහස්...ඇති මැණික..මං එනකම් පරිස්සමට ඉන්න..නිවාඩුවක් ලැබුණ ගමන් මං පුතා එක්ක එන්නම්"
YOU ARE READING
දෑස නිසා
No Ficciónප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..