"නිර්මාල් අයියා.."
එකපාරට ම ඇහුණ කිංකිණි කටහඬට නිර්මාල් බේබිටත් කලින් මං හැරිල බැලුව..ලේඩි ඩොක්ට කෙනෙක්..ගොඩක් ලස්සනයි....හුරරැබුහුටි ගවුමක් ඇදන් වෙද නලාවත් කරේ දාගෙන තාලෙට ආවෙ නිර්මාල් බේබි ලගට..හිනාවේගනම..මං ඉක්මනට බැලුවෙ බේබිගෙ මූණ දිහා...ඒ හිනාවත් මූණෙන් එකයි...
"මාධවී..මොකෝ මෙ පැත්තෙ..?"
"නිකම් ආව බලල යන්න..මට ඊයෙ නන්දනී ආන්ටි කතා කරා.."
ලේඩි ඩොක්ට කිව්වෙ බෙල්ල ලගට කපල ස්ට්‍රේට් කරපු කොණ්ඩෙ හෙලවෙන්න ම ඔලුවත් හොල්ලගෙන.....නන්දනී කිවවෙ නිර්මාල් බේබිගෙ අම්ම....මැඩම්....මට රිදෙන එකත් නැති වුණේ ඒ සංවාදෙ අහන්න තියන උනන්දුවට..
"ඉතින් අම්ම මොකද කිව්වෙ ?"
"ම්ම්...ගොඩක් දේවල් කිව්ව..අපේ අම්මි තමා වැඩිපුරම කතා කරේ ..අපිට ඉතින් කතා කරන්න දේවල්ද නැත්තෙ ..?"
"කොහොමද අලුත් වෝඩ් එක...ස්ටාෆ් අවුලක් නෑනෙ ?"
"අවුලක් නෑ..ඒත් ඉතින් සර්ජරි වෝඩ් වගේ නෙමේ.."
"හ්ම්...ඉක්මනට මාස්ටර් එකත් කරගන්න බලන්න.."
"අයියෝ අයියෙ, ඔයා හම්බුණාම හැමදාම මතක් කරන්නේ ස්ටඩිස්..පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඉන්නකොට..ඔයා දන්නවද ..අපේ තාත්ත නෙක්ස්ට් මන්ත් එනව කිව්ව..එතකොට අපි ඔයාලගෙ ගෙදර එනව හොදේ.."
"අපේ ගෙදර?....කවුරැ බලන්නද ?"
"...ඔයා හිතන්නේ ඔයා බලන්න එනව කියලද.?.වැඩේමයි..ඔය වගේ ආඩම්බරකාරයෙක් බලන්න එන්න..අපි එන්නෙ දිල්කි නංගිවයි, නන්දනී ආන්ටිවයි, දේශාන් මල්ලිවයි බලන්න..අහ්..අපිට ආරංචියි දේශාන් මල්ලිට මංගල බෙර වැදුණ කියල..."
"බෙර නම් වැදුණෙ නෑ...කොල්ල පන්නගෙන ආව...හිතුවක්කාර යනෙ.."
"මං නම් කොහොමත් දැනගෙන හිටිය..එයා ඉතින් ඔයා වගේ නෙමේනෙ..මොනව වුණත් අපි එන්නෙ අලුත් මනමාලි බලන්නත් එක්ක තමයි"
ඒක තනිකරම චැටබොක්ස් එකක්..අලුත් මනමාලි ට ගෙදර තියෙන තැන දැක්ක නම් මාධවී ඩොක්ට කීයටවත් මනමාලි බලන්න එන්නෙ නෑ......හ්ම්....ඒ සංවාදෙ එක්ක මට ගොඩක් දේවල් තේරැණා..මාධවී ඩොක්ට නිර්මාල් බේබිලව දන්නෙ පොඩි කාලෙ ඉදන් වගේ... ඒ දෙන්නගෙ කතාවට මගෙ හිතේ කිසිම කැමැත්තක් නෑ..හරියට මට අයිති දෙයක් වෙන කෙනෙක්ට අයිති වෙන්න යනව වගේ හැඟීමක් දැනෙනව..ඩොක්ට මාධවී නිර්මාල් බේබි ට කැමතිද....එයා ආයෙම බැන්දොත් පුතාගෙ අනාගතෙත් මං වගේ වෙයිද..අම්ම කෙනෙක් වගේ කුඩම්මෙක් කවදාවත් ආදරේ කරන්නෙ නෑ...සමහරවිට හොද කුඩම්මල ඇති..ඒත් මගෙ අත්දැකීම එක්ක කිසිම කුඩම්මෙක් මට විශ්වාස නෑ..මට පොඩි එකා ගැන දුකයි..අනික එයාලට ආයෙම ලමයෙක් හම්බවුණොත් පුතා ගැන හරියට බලන්නෙ නැතිවෙයි..නිර්මාල් බේබි ආයෙම බදිනවට මගෙ හිතේ ලොකු අකමැත්තක් දැනෙන්නෙ ඒ හේතුව හින්ද විතරක්ම නෙමේ...මං ගැන හොයල බලන එකම කෙනත් එයා හින්ද.
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..