දෑස නිසා - 34

1.3K 185 19
                                    

දෑස නිසා - 34

     උදේම අපි කොළඹින් පිටත් වුණේ පාන්දර හතරට විතර..මගෙ වාහනේ බේබියි පුතයි දිල්කියි....සේරා ආන්ටිලගෙ වාහනේට මැඩම් ගිය හින්ද ටිකක් නිදහස් වගේ...ඒකටත් එක්ක හරියන්න දිල්කි බැරියර් එක ඉන්නව..

"අහස්..අනේහ්...මට ඉවසිල්ලක් නෑ අප්ප ඔයාලගෙ ගෙදර යනකම්..."

  දිල්කි සතුටින් කෑ ගහන්නෙ හරියට එයා පොඩිකාලේ ඉදන් දන්න අය බලන්න යනව වගේ..

"බේබිට විතරක් නෙමේ ..මටත් ඉවසිල්ලක් නෑ.."

   මං කිව්වෙ සුක්කානම කරකවන ගමන්..මේ ගමන යන්නෙ අවුරැදු දෙකකට පස්සෙ..මගෙ හිත ට සතුට වගේම කුතුහලයකුත් නැත්තෙම නෑ.. හරි නම් මල්ලි දැන් දහය වසරෙ ඉන්න ඕනෙ..එයා ලොකු ඇති..මං වගේම උස ගිහින්ද දන්නෙ නෑ..එයාව දකින්න තියන උනන්දුවත් එක්ක වාහනේ වේගෙ මටත් නොදැනිම වැඩිවෙනව..එයා ගැන ඇරෙන්න මට අනිත් අය ගැන හිතෙන්නෙම නැති තරම්...

   අපි නුවරින් වාහනෙ නවත්තල රෙස්ටුරන්ට් එකකින් තේ බීල ආයෙම ගමන පටන් ගත්ත...නුවරට එනකම් වාහනේ ගෙනාවෙ මං...බේබි නුවරින් වාහනේ ගත්තෙ මට අමාරැ ඇති කියල.... ආයෙම දහඅට වංගුව හරියෙන්  වාහනේ නැවැත්තුවෙ දිල්කිගෙ තොරතෝංචියක් නැති ඉල්ලීමට...දිල්කි වාහනෙන් බැහැල .පොටෝ ගහනව ඉවරයක් නැතුවම..අපිට ටිකක් එහයින් වාහනයක් නවත්තල..ට්‍රිප් එකක් යන සෙට් එකක්...එයාල මාව අදුරගෙන ඇවිත් පොටෝ ගහද්දි දිල්කි හරියට මං ලගින් හිටියෙ මගෙ මැනේජර් වගේ..බේබි පුතත් වඩාගෙන ඒ කෝලම් දිහා බල බල හිටිය ඇරෙන්න පොටෝ ගහන්නවත් ලගට ආවෙ නෑ. ..

    අපි මහියංගණ යට එද්දි දවල් දොළහත් පහුවෙලා..මං වාහනෙන් බැහැල ගෙදරට බඩුමුට්ටු ටිකක්, මල්ලිට ඇදුම් දෙකක් එක්ක පොඩි පෝන් එකකුත් ගත්තෙ එයාට දෙන්න..

"අහස්...හැමෝටම තෑගි බෝග ගත්තද ?"

    බේබි අහන්නෙ මං ඩිකියට බඩු පටවනව දැකල.. සේරා ආන්ටිලත් ඒ ටිකට ටවුමෙ ඇවිදින්න ගිහින්..

"ඔව් බේබි..තෑගි නම් ගත්තෙ මල්ලිට විතරයි "

"ඇයි.?..තාත්තට?, කුඩම්මට?"

දෑස නිසාWhere stories live. Discover now