පහුවදා උදේ බේබි එනව කියල තිබ්බ හින්ද මං කම්පැණි එකට ගියෙ අමුතුම මොරාල් එකක් හිතේ වැඩ කරද්දි ...නිරංග අයියයි මායි අනුමත කරපු ප්රොජෙක්ට් දෙක තුනක අය වැය ගැන ෆයිනෑන්ස් එකත් එක්ක මීටින් එකක් තියල කැබින් එකට ආව විතරයි ...
"සර්..විසිටර් කෙනෙක් ඉන්නව.."
නිමේෂ් කැබින් එකේ දොර ඇරල කියද්දි මං කල්පනා කරේ කවුද කියල..
"එන්න කියන්න "
නිමේෂ් ගිහින් තත්පර දහයක් ගියෙ නෑ..දොරෙන් මතුවුණ කෙනා දැක්කම මං පුටුවෙන් නැගිට්ට වුණේ ඉබේම...බේබි..මගෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්තෙ එයා ගැන ඇති වුණ ගෞරවයට...හොරෙක් වගේ කෙලින්ම කම්පැණි එකට ඇවිත්..මං දුවගෙන ගිහින බේබිගෙ බෙල්ල තද කරල බදාගත්තෙ ඇස්වලට කඳුලු එද්දි ..
"ආ....හ්...මට හුස්ම ගන්න බෑ බන් "
බේබි කෑ ගහද්දි මං තව තව එයාව හයියෙන් බදාගත්ත..මට ඇඩෙනව..බේබි කොහොමද මේ තරම් දෙයක කරේ..මං සද්ද නැතුව විනාඩි ගාණක් එයාව බලාගෙනම හිටියෙ කතා කරන්න වචන පිටවුණේ නැති හින්ද..
"අහස්...අඩන්න එපා මැණික ..කෝ ..මෙහෙ බලන්න "
"බෑ...ඇයි හැමදේම තනියම කරේ "
"මං ද තනියම කරේ? ..ඔයානෙ බිස්නස් එක දියුණු කරල ගත්තෙ ලමයො..."
බේබි කියද්දි මං එයාව අතෑරල එයාගෙ ඇස් දිහා බැලුවෙ එයාව බොද වෙලා පෙනෙද්දි..මට මතක් වුණේ මුල් කාලෙ එයා මට ආදරේ නෑ කියල මං බැනපු හැටි..එයාව සැක කරපු හැටි..ඒව මතක් වෙද්දි මගෙ හිත මටම බැනගත්තෙ පසුතැවීමකුත් එක්ක..
"බේබි...ඒ දවස්වල මට ඔයාට චෝදනා කරද්දි ,මට ආදරේ නෑ කියල රණ්ඩු වෙද්දි ඔයා කොහොමද ඒව දරා ගත්තෙ ?"
"ආදරේ කියන්නෙ හැමතිස්සෙම ලගින් ඉදන් දෙන්න පුලුවන් දෙයක් ම නෙමේ..දුරින් ඉදන් වුණත් මොකුත්ම නොකිය දෙන්න පුළුවන් දෙයක්..ඒ දවස්වල උබේ ඔය කෝඩුකාර හිතට ඒක තේරැම් ගන්න බර වැඩියි මැණික..ඒ හින්ද පරණ දේවල් අමතක කරන්න.."
බේබි කිව්වෙ මගෙ ඔලුව අතගාන ගමන්..එයා කියන්නෙ ඇත්ත..බේබි මගෙන් ඈත් වෙලා හිටපු කාලෙ පුරාවටම දුන්න ඒ නිහඬ ආදරේ පෙන්නන ආදරේට වඩා හරි ගැඹුරැයි..
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..