මහේෂ්....සහන් අයිය පත් කරපු මගෙ මැනේජර්...මගෙ හැම වැඩසටහනක්ම, ගමන් බිමන් විතරක් නෙමේ ව්‍යායාම, ජිම් යන එක මේ හැම හැම දෙයක්ම කලමණාකාරණය කරන එක තමයි එයාගෙ රාජකාරිය..මාත් දන්න විදියට ප්‍රසිද්ධ හැම නලුවෙක්ටම නිලියක්ටම මැනේජර් කෙනෙක් ඉන්නව..ඒත් මට ඒක දැනෙන්නෙ හිර වෙලා වගේ...ඩ්‍රාම එකක් ඉවර වෙනකම්ම මහේෂ් මං ගැන අවධානයෙන්...මට මාව අයිති නෑ වගේ..මොනව වුණත් මිනිහ ඒ තරම් කතා බහා නැති ටිකක් ගුප්තයි කියල හිතෙනව...
හවස එන්න ලෑස්ති වෙද්දි මහේෂ් මේ සතිය ඇතුළත මට තියන ශූටින් , ජිම් යන දවස් , ඒව කරන වෙලාවල් එක්කම කාල සටහන ඉදිරිපත් කරා..එක අතකට ඒක හරි පිලිවෙලයි කියලත් හිතෙනව..
"අයියෙ එතකොට මං ශූටින්වලට යද්දීත් ඔයා එනවද?...ඒත් මං එන්නෙ ගෙදර ඉඳන්..වාහනේ "
මං ඇහුවෙ මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ..ඇයි ඉතින් මේ යකා එක්ක හැමතැනම යන්න පුළුවන් යැ..
"කමක් නෑ...ඔයා කලින් විදියට එන්න..ඒත් එන ටයිම් එක මට කියන්න..මොකද ඔයා සම්බන්ධ මොනවමහරි දෙයක් වුණොත් මං සහන් අයියට වග කියන්න ඕනෙ...මං ඔයා එක්ක ශූටින් වලට එනව..ඔයාට එන හැම වැඩසටහනකටම මං එනව.."
"අහ්....හරි මං කියන්නම්..."
මං වාහනේට නැග්ගෙ හිත ටිකක් සැහැල්ලු වෙද්දි..ඒ කියන්නෙ මගෙ දේවල්වලට වග කියන්න කෙනෙක් ඉන්නවනෙ..
වාහනේ ටවුන් ඒරියා එකට දැම්ම විතරයි..කෝල් එකක්..දිල්කි...
"ඇයි බේබි?"
"අහස්.?...ඔයා කොහෙද ඉන්නෙ ?"
"මං ටවුන් එකේ ඉන්නෙ..."
"වාහනේ නේද ?"
"ඔව් ...ඇයි බේබි ?"
"මං ඉන්නෙ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ..පොඩ්ඩක් එනවද?"
"බේබි ගෙදරද යන්නෙ?"
"ඔව් ඔව් එන්නකො"
මං කාර් එක ස්ටෑන්ඩ් එක පැත්තට හැරෙව්ව...දිල්කි හිටගෙන ඉන්න පාර අයිනට වාහනේ නවත්තද්දිම එයා ඉස්සරහ සීට් එකට ගොඩ වුණා...මං බයේ හිටියෙ අදත් යාලුවො සෙට් එක ඇති කියල..හොද වෙලාවට නෑ..ටික වෙලාවක් යනකම්ම දිල්කි සද්දයක් නෑ...මටත් කතා කරන්න දෙයක් තිබ්බෙ නැති හින්දම ඉස්සරහ බලන් සුක්කානම කැරකෙව්ව..
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..