දෑස නිසා - 44

1.1K 158 33
                                    

මැඩම් ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටවුණේ ඉබේම වගේ..වෙනදට දාගෙන ඉන්න මේකප් එක දවස් ගානකින් දාල නැති හින්ද වෙන්න ඇති කලින්ට වඩා වයස පාටක් ඒ මූණෙ තිබුණ..ඒ වයස පාටට රෞද්‍ර ගතිය එකතු වෙලා තිබ්බ හින්දම මගෙ පපුව ගැහෙන වේගය දෙගුණ තෙගුණ වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ..

"ආවද නලුවා?"

   මැඩම් පුටුවෙන් අඩියක් දෙකක් මං ඉස්සරහට ආවෙ මාව බලාපොරොත්තු වුණා වගේ..මං බිම බලාගත්තෙ ඒ ඇස් දිහා එක එල්ලේ බලන්න තරම් ශක්තියක් තිබ්බෙ නැති හින්ද..

"හිගන්නෙක් විදියට අපේ ගෙදරට ඇවිත් අපෙන් ම කාල ජීවත් වෙලා උබට ඕන ගමන ගිහින් මගෙ කොල්ලගෙ ජීවිතේ විනාශ කරල දාන්න තරම් උබට තියන හයිය මොකක්ද? ආ?.උබ හිතන් ඉන්නෙ මස්සිනා හින්ද උබේ අක්කගෙ හිස්තැන පුරවන්න පුලුවන් කියලද?...ආ?...කියපන්..මගෙ කොල්ල බඳින්න බෑ කියන්නෙ උබ හින්ද..උගෙ අනාගතේ අඳුරැ කරන්න තරම් අපි උබට කරපු වැරැද්ද මොකක්ද?..කියපන්"

    මැඩම් තරහෙන් කෑ ගැහුවෙ මගෙ කණ් අඩිය පැලෙන්න තරම් සද්දෙන්.මං කතා නොකර බිම බලන් හිටියෙ ඒ වගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණ හින්දම. ..එකපාරටම ඒ අත මගෙ කම්මුල හරහා වේගෙන් ගියෙ කම්මුල හිරිවට්ටගෙන.

"කියපන් ..උබට ඕනෙ කොල්ලගෙ චරිතෙ ඝා.ත.නය කරන්නද.?..උබට ඕනෙ උබේ අක්කගෙ දරුවගෙ අනාගතේ විනාස කරන්නද?..මගෙ කොල්ල එක මගුලටවත් කැමති නැත්තෙ උබ හින්ද..චිහ්..ටී වී එක ඉස්සරහ මිනිස්සුන්ට උබ පිරිමියෙක් වගේ පෙනුණට උබ පො@%&ක්...ඔව්..ඇගපත තිබුණට , පිරිමියෙක් වගේ හිටියට උබ වගේ එකෙක්ට ගෑ.නියෙක් හොයා ගන්න බෑ කවදාවත් ..මිනිස්සුන්ට උබ වගේ උන් හරි අප්‍රසන්න යි.."

   ඒ රකුසු ඇස්වල කදුලු පිරිල තියෙන්නෙ තරහටම..ඒ කියන විදියට මං වැරදියි..ආදරේ කරන එක මේ තරම් පහත් විදියට අපහාස විඳින්න තරම් වැරැද්දක් ද...ඇස් දෙකෙන් මතුවුණ කදුලු අමාරැවෙන් නවත්තගත්තෙ හිතට දැනුණ ආත්මානුකම්පා එක්කම..

"උබ මගෙ කොල්ලව අතාරින්න ඕනෙ"

"මං බේබිට ආදරෙයි"

   මං කිව්වෙ ඒකට පොරොන්දු වෙන්න බැරි හින්ද ..මැඩම්ගෙ අත ආයෙමත් මගෙ කම්මුල හරහා ගියෙ මං බලාපොරොත්තු වුණ විදියටම..තරහ දරාගන්න බැරිව  ඒ ලේ පාට වුණ ජිල්බෝල ඇස්වල කඳුලු පිරිල එලියට පනින්න ඔන්න මෙන්න..

දෑස නිසාWhere stories live. Discover now