"වාහනේ ඔතනින් නවත්තන්න..."
නිර්මාල් බේබිගෙ විධානෙට මං පාර අයිනෙ වාහනේ නැවැත්තුව..ලයිට් එලියක් පේන තෙක්මානෙකනෑ..ඒ හරියෙ ගෙවල් අඩුයි..ලයිට් එකකට තිබ්බෙ වාහනේ ලයිට් එක විතරයි..වාහනේ ඇතුල කලුවර හින්ද මට බේබිව හොදට පේන්නෙ නෑ.. ..ඒත් මගෙ කකුල් දෙකත් පණ නෑ වගේ..මේක කිව්වොත් බේබි ගෙ හිතේ මට තියන ආදරේ නැතිවෙයිද අම්මෝ පපුවත් රිදෙනව..
"..දැන් ලොකු හුස්මක් අරන් සැහැල්ලු වෙන්න "
බේබි හෙමීට කියද්දි මං හයියෙන් හුස්මක් ගත්ත...ඒත් මගෙ හිත පොඩ්ඩක්වත් සන්සුන් නෑ...
"මොකක්ද වුණේ?...මට කියන්න බැරිද.?.එයාල ඔයාට කරදරයක් කරාද ?"
බේබි මගෙ ඔලුව අතගාන ගමන් අහන්නෙ පොඩි ලමෙක්ගෙන් අහනව වගේ..මගෙ ඇස්වලට කදුලුත් ආව ඒ අහපු විදියට..මං දෙපාරක් නොහිතම විස්තරේ කියන්න ගත්ත..කතාව ඉවර වෙනකම්ම එයා සද්ද නැතුව අහගෙන හිටිය..කතාව ඉවර වෙලා තත්පර ගාණක් යනකම්ම අපි අතර තිබ්බෙ ලොකු නිහැඬියාවක්. විටින් විට අපිව පහු කරල යන වාහනවල එලි මූණට වැදෙද්දි මං එයා දිහා බැලුව..
"බේබි..?"
"ම්..."
"බේබි මං එක්ක තරහද..?"
මං ඇහුවෙ හිත කඩන් යන්න තරම් දුකක් එද්දි..එයා ඇයි කතා නැත්තෙ..මට එයාව හොදටම පේන්නෙත් නෑ කලුවර හින්ද..අඩුම තරමෙ බනින්නෙවත් නැද්ද..ශිට් ..නොකිය ඉන්න තිබ්බෙ..දැන් එයා මට ආදරේ නැතිවෙයි......මගෙ ඇස් දෙකෙන් ආපු කදුලු කලුවර හින්ද එයාට පේන්නෙ නෑ..
"පාර්ක් ලයිට් එකත් ඕෆ් කරල පිටිපස්සෙ සීට් එකට යන්න"
බේබි හෙමින් කියද්දි මට පුදුම හිතුණ..ඒ කියන්නෙ එයා මට දැන් ආදරේ නෑ...මං මොකුත් නොකිය දොර ඇරල ඇවිත් පිටිපස්සෙ සීට් එකේ ඉඳගත්තෙ ඇස්වලින් හිතුවක්කාර කදුලු බිමට පනිද්දි ....තත්පර තිහක් යන්න නැතුව ඇති....බේබි නැගිටල පිටිපස්සට ඇවිත් මං ලගින්ම ඉඳගත්තෙ කලුවරේම..
"බේබි?"
මං පුදුම වෙද්දි බේබි කරට අතදාල මට ලං වුණේ මාව සීට් එකට තද කරන ගමන්...මට හිතාගන්න බෑ බේබි මොනවද කරන්න යන්නෙ කියල.
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..