"ලොකු බේබි?"
එලියෙන් ඇහුණ නිලන්ති නැන්දගෙ කටහඬට අපි දෙන්නම බැලුවෙ බාගෙට වැහුණ දොර දිහා.පේන්න කවුරැත් නෑ.... නිර්මාල් බේබි ගෙ අත්වලින් මාව නිදහස් වුණේ ඉබේම වගේ...ඇති යන්තම්..ඒ නිදහසෙන් මං මොහොතක් වත් බේබි ලඟ නොඉද දුවගෙන ආවෙ දොරෙන් එළියට..
"ආ...හ්..."
නිලන්ති නැන්ද යි මායි එකට හැප්පිලා දෙන්නම 'දඩහ්' ගාල බිම....පුතා නිලන්ති නැන්දගෙ පස්සෙන් ඇවිත් අපි වැටුණ දිහා බලාගෙන හයියෙන් හිනාවෙනව..නිලන්ති නැන්ද ටිකක් මහතයි...පර්වතය වගේ පෙරලුණා...ඒත් එයාට මට තරම් රිදෙන්න නැතුව ඇති.. ඒ රවාගත්ත මූණ එක එල්ලේ මං දිහාට හැරිල.... මගෙ හිතේ තිබ්බ ගැස්මත් අමතක වුණා..
"මොකද කොල්ලො වෙලා තියෙන්නෙ? ...උබ ගේ ඇතුලෙ මැරතන් දුවනවද?...බලපන් පොඩි එකාගෙ හැප්පුණා නම් ?...පුදුම විසයක් තියෙන්නෙ මූට"
නිලන්ති නැන්ද බනින්නෙ නැගිටින්න මහන්සි වෙන ගමන්...ඉතින් පොඩි එකාගෙයැ හැප්පුණේ.අනික මට දිවැස් නෑනෙ දොරෙන් එලියෙ ඉන්නෙ කවුද කියල දැනගන්න....මං වැටුණ තැනම ටිකක් ඉදගෙන බලන් හිටියේ ඒ කලුවුණ මූණ දිහා....නිලන්ති නැන්ද අත තියල නැගිටින්න හදද්දි ආයෙත් බිමට පතබෑවුණේ බැරල් එක වගේ.. ඒකට නම් මට බකස් ගාල හිනා ගියා.. නැගිටින්න බැරිව දඟලනකොට..මං ඉක්මනට නැගිටල නිලන්ති නැන්දට අත දුන්නෙ හිනාව තද කරගෙන..හිනාවෙනව දැක්කොත් විසුමක් නෑ...පුතා ගෙ හිතේ අපි දෙන්න වැටුණෙ සෙල්ලමක් කරන්න ගිහින් කියල...එයා උඩ පැන පැන හිනාවෙනව..
"අප්පත්ති ..මාම වැතුණ..ආයම්ම වැතුණ..."
පොඩ්ඩ අත දික් කර කර හුරතල් විදියට කෑ ගහනව...කොල්ලට හිනාව නවත්තගන්න බෑ...නිර්මාල් බේබි දොර ලඟට ඇවිත් මං දිහා නෝන්ඩි හිනාවක් දාගෙන බලන්...මං ඒ මූණ දිහා බලල ඉක්මනට අහක බලාගත්තෙ නිලන්ති නැන්දව නැගිට්ටවල..පොඩි එකා රඟ පපා වෙච්ච දේ විස්තර කරනව..
"අප්පත්ති ...මාම මේම මේම ආවා...ආයම්ම මේම මේම ආව..ඩොග් ගාල වැතුණ.."
"ලොකු බේබි...මේ කොල්ලට තියෙන්නෙ එසේ මෙසේ විසයක් නෙමේ..අම්මේහ් ..මගෙ දනිහ කැඩුණද මන්ද..ආ...හ් "
නිලන්ති නැන්ද බේබි දිහා බලන් දුක කියෙව්වට බේබිගෙ ඇස් තිබ්බෙ මගෙ දිහාට හැරිල..ඒත් නිලන්ති නැන්ද තාම බනිනව..
YOU ARE READING
දෑස නිසා
Não Ficçãoප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..