හවස් වෙද්දි බේබි ආපහු නුවර ගියෙ මගෙ බලාපොරොත්තුව ආයෙම අලුත් කරල..බේබිගෙ වැරැද්දක් නෑ..එයාට මේ වෙලාවෙ මමත් කරදර කරොත් අපි දෙන්නට මේ විදියටවත් ආදරෙ කරන්න බැරි වෙයි කියල ඇති වුණ බය හින්දම මං මගෙ හිතට පොරොන්දු වුණේ එයාට චෝදනා නොකර ඉන්න..
දවස් ගාණක් ගෙවිල ගියා ..ඒ හැම දවසකම නන්නාඳුනන පෝන් නම්බර් එකෙන් මට බේබි ගැන කියල එක එක මැසේජ් එනව..ඒව ඕපන් නොකර ඉන්න හිතුවට ඉබේම බැලවෙනව..හිතේ තියන කුතුහලේ හින්දම..
" උබ හරි මෝඩයි බන්.. උබ මොනතරම් හැන්ඩියෙක් වුණත් ලස්සන වුණත් උබ හිතනවද ඩොක්ටර් කෙනෙක් තමන්ගෙ ආත්මගරැත්වය පැත්තකට දාල ගේ ලයිෆ් එකක් ගෙවයි කියල?..දවල් හීන නොදැක ඉදපන්.."
"ඩොකා බදින්න යන්නෙ නිළියකට වඩා ලස්සන කෙල්ලෙක්..කෝටිපති බිසනස්කාරයෙක්ගෙ දුවෙක්..ගෙවල්වලින් දැනටමත් ඉන්නෙ කසාද බැන්ද වගේ ...ඒකි වැඩි හරියක් ඉනනෙ ඩොකාගෙ ගෙදර ..උබ ඔහෙ ඉදන් වැලලි වැලලි ඉදපන් "
ඒ ආපු සමහර මැසේජ්..ඒව කියවන කොට ඔලුවත් රිදෙනව..පපුවත් රිදෙනව..ඒත් මගෙ හිත බේබි ගැන සැකයක් හිතන්නවත් මට ඉඩ දුන්නෙ නෑ..දවස් දෙක තුනක් බලල මං ඒ නම්බර් එක බ්ලොක් කරේ තව දුරටත් ඒව බල බල මානසික පීඩනයක් ඇති කර ගන්න බැරි හින්ද..
ලූෂන් අංකල් ගෙ යාලුවගෙ දුව..තිමාෂා..මං එදා තිමාෂව හම්බ වුණේ අංකල්ගෙ හිත හදන්න..තිමාෂා කියන්නෙ ලස්සනට වඩා හොද පෞරුෂයක් තියන කෙල්ලෙක්..පැය බාගයක් විතර කතා කරල මං මගෙ අදහස හෙමිහිට එයාට කිව්වෙ එයාගෙ හිතත් නොරිදෙන්න..මං දන්නව එකපාරටම ප්රතික්ශේප කරන්න බෑ..එහෙම කරන එක සදාචාරාත්මක නෑ..මගෙ අදහස ඇහුවම තිමාෂගෙ මූණෙ තිබ්බෙ ලෙංගතු හිනාවක්..
"අහස්...මං අපේ තාත්ති එක්ක ඔයා ගැන කතා වුණා..ඔයා රඟපාන විදිය , පර්සනිලිටි එක, පෙනුම මේවට තමයි මං ගොඩක් කැමති වුණේ..ලූෂන් අංකල් කියපු විදියට ඔයා ඉහලට යන්න ගේමක් ගහන කොල්ලෙක්..ඉතින් කෙල්ලො කැමති එහෙම අයට තමයි...අනික මං හරි කැමතියි ඔයා විවෘත ව කෙලින් කතා කරන එකට...ඒ හින්ද අපි අතර ආදර සම්බන්ධයක් ඇති නොවුණත් මං කැමතියි ඔයාව මගෙ යාලුවෙක් කර ගන්න.."
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..