මට ඇස් ඇරැණෙ දොරට තඩි බාන සද්දෙකට..අහ්..තාම කලුවරයි වගේ...මේ රෑ කවුද..මං ඉක්මනට නැගිටල දොර ඇරිය.."ඉර එලිය වැටෙනකම් නිදාගන්න ද ආවෙ? ..නැගිටිනව..උදේ වැඩ පටන් ගන්න ඕනෙ.."
මැඩම්ගෙ ගෝරණාඩුවට නිදිමත කොහෙ ගියාද මන්ද..මං ටී ශර්ට් එකත් දාගෙන එලියට එද්දි වයසක ගෑණු කෙනෙක් කුස්සියෙ උයනව..පාන්දර එලිය යන්තමට වැටීගෙන එනව පෙනුණෙ කුස්සියෙ දොර බාගෙට ඇරල දාල හින්ද..ඒත් ගොඩක් සීතලයි...
මැඩම් මාව එක්ක ගියෙ එලියෙ හිටපු මනුස්සයෙක් ලඟට...
"පොඩිරාල...මේ ලමයට කරන්න ඕන දේ කියල දෙන්න..එක්කන් යන්න.."
"එහෙමයි නෝන "
වයසක මනුස්සය මැඩම්ට දෙකට නැමිල උත්තර දුන්නෙ කටේ තිබ්බ විට හපේ විසික්කල..."යමං කොලුවො"
මං මොකුත් නොකිය පොඩි රාල මාම පස්සෙ වැටුණ..එලිය ටික ටික වැටීගෙන එනව..දැන්නම්.සීතල ගතියත් අඩුවෙලා..ඇවිදින්න හින්ද වෙන්න ඇති..ගෙදරදිත් උදේ පාන්දර නැගිටන මට මෙහෙදි නැගිටින එක එච්චර දෙයක් නෙමේ..වෙනසකට තියෙන්නෙ සීතල..ඒත් දැන් ඒකට හුරැවෙන්න වෙනව.මාමායි මායි වත්තෙ කෙලවර වෙල් යාය පටන් ගන්න නියරට ආව..
"කොහෙද මාමෙ යන්නෙ.."
මං කතා කරේ මාම තාමත් කතා නොකර යන හින්ද..විට හපන හින්ද කතා කරන්න බැරිව ඇති.
"වලව්වෙ කුඹුරැ යාය තියෙන්නෙ උඩහ..යමු ..ඒකෙ මේ දවස්වල වී ඉහල ..කුරැල්ලො එනව වී කන්න..අව් රස්නෙ එනකම් එලවන්ට තමා තියෙන්නෙ "
"අහ් එහෙමද?....ඒත් මේ තරම් උදෙන් එනවද ?"
"උන් අපි වගේ කම්මැලි නෑ බන්..උදේම කෑම හොයාගෙන යනව "
"ඒත් මාමෙ මේක වලව්වක්ද ?"
"ඔව් ඔව්..හේලංකඩ වලව්ව කිව්වම ඕන කෙනෙක් දන්නව....ගජසිංහ මහත්තයගෙ තාත්ත හොදට ඉන්න කාලෙ ගමටම හිටියෙ දෙයිය වගේ..ගමේ මිනිස්සුන්ට උදව් කරගෙන..ඒ කාල මේ වලව්වට මිනිස්සු වදිනව ..ඒත් දැන් අලුත් පරම්පරාව බිහිවුණත් හරි වලව්වයි ගමයි අතර තියෙන සම්බන්ධය ගිලිහිලා ගියා.."
YOU ARE READING
දෑස නිසා
No Ficciónප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..