සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගගකට ඇදෙනගිගුම් දෙන සින්දුවට හිත යොමු කරත් මට මැවෙන්නෙ මගෙ අතීතය...අම්ම....අක්ක.....මල්ලි...මේ හැමෝම මට ආදරේ කරපු මට අහිමි වුණ අය...අම්මව මට මතකම නැති තරම් ..අක්කත් දැන් හැඩරුව මතක නෑ.... අක්කයි මල්ලි කියන්නෙ මගෙ ජීවිතේ මට වටිනම දෙන්නෙක්...ඒත් දැන්...මට මං විතරයි..ජනේලය අයිනෙ සීට් එකට හේත්තු වෙලා මං ඇස් දෙක පියාගත්තෙ ඒ අතීතෙ අමතක කරන්න මහන්සි වෙන ගමන්.
පැය ගාණක ගමනක් ..මං දන්නෙ නෑ කොහාටද ආවද කියල.. හොදටම කලුවර වුණ වටපිටාව දිහා බස් එකේ ජනේලයෙන් බලාගෙන ආවෙ යන්තමට හරි බෝඩ් එකක නමක් කියවගන්න...සමහර වචන නම් අහලම නෑ.....
"ඒහ් ..මල්ලි... බහින්නෙ නැද්ද ඕයි..?"
මං ගැස්සිලා බැලුවෙ කොන්දොස්තර ගෙ කෑ ගැහිල්ල ට.. ඒ කියන්නේ කොලඹට ඇවිත් ද..මං විතරයි බස් එකේ..රෑ වෙලා හොදටම..මං දඩිබිඩි ගාල නැගිටල බස් එකේ ඉස්සරහ දොර ලගට ගියා .
"අයියෙ මේ කොටුවද ?"
මං අහද්දි මැදි වයසෙ වගේ හිටපු කොන්දොස්තර යි , ඩ්‍රයිවර් රැයි මූණෙන් මූණ බලාගත්තෙ පුදුමෙන් වගේ...
"ඕයි තමුසෙ කොලඹ ඇවිත් නැද්ද ?"
කොන්දොස්තර මගෙන් ඇහුවෙ ඔච්චමට හිනාවක් දාගෙන මූණ පුරා වවපු කලු රැවුල අතගාන ගමන්..බයත් හිතෙනව..උන් මොන වගේ ද කියන්න දන්නෙත් නෑනෙ..
"නෑ අයියෙ.."
"එහෙනම් මොකටද ඕයි මෙහෙට ආවෙ ?"
"රස්සාවක් හොයාගෙන.."
"කොහෙද ගෙවල් ..?"
"මහියංගනේ "
"හප්පා...උබට පිස්සුද බන්.?.මේ රෑ රස්සා හොයාගෙන නොදන්න පලාතකට ආවෙ.?".
කොන්දොස්තර අයිය එහෙම කියද්දි නම් මට අමුතු බයක් දැනුණ..
"අවුරැදු කීයද ?"
"දහ අටයි"
"යන්න තැනක් තියනවද?"
"නෑ"
මං හෙමීට කියද්දි ආයෙත් උන් දෙන්න හිනාවුණේ ඔච්චමට වගේ ...ශිට්..මේ ගමන නෑවිත් පාරෙ නිදාගෙන හිටියනම් මීට වඩා සැපයි වගේ..එක අතකට මං ආපු වෙලාව වැරදී..
YOU ARE READING
දෑස නිසා
No Ficciónප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..