දෑස නිසා - 57
අලුත් බිල්ඩින් එකේ බිස්නස් වැඩ පටන් ගද්දි පරණ ෂොප් එක අනුශාඛාවක් වුණේ ඉබේම..අලුත් බිල්ඩිමේ ලොකු කොටසක් කාර්යාලයට වෙන්වුණා..සයිට් දෙකටම වෙන වෙනම ස්ටාර්ෆ් දැම්මෙ එකකින් දෙකම පාලනය කරන්න අමාරැ හින්ද...
තත්පර , විනාඩි , පැය ,දින වේගෙන් ගෙවිල ඒ අවාසනාවන්ත දවස ටික ටික ලං වුණේ මං එක්ක සොබාදහමත් පලි ගන්න වගේ..ඒ වෙනකම්ම බේබි ගෙ කටහඩ මොනවගේද , එයා ඉන්නවද කියල බලන්නවත් මං කතා කරේ නෑ..එක මොහොතක මුලු හිතින්ම අතාරින්න ධෛර්යය ගත්තට ඊලඟ මොහොතෙ මගෙ හිතුවක්කාර හිතට ඕන වුණේ මන්දාරාව නැති කරල හරි බේබිව ලඟට ගන්න..
"සර් ...වෙඩින් එකට තව දවස් තුනයි... අපි ඒකට මෙහෙන් යන්නෙ උදේ නවයට..ඊට කලින් අපි මියුසික් බෑන්ඩ් එක හම්බෙන්න යන්න ඕනෙ ප්රැක්ටිස් කරන්න..ම්...එතන පැය දෙකක් ගන්න පුලුවන් කියල බෑන්ඩ් ලීඩර් කතා කරා..එහෙම නම් අපිට පුලුවන් නවයට ගිහින් සර්ගෙ වෙඩින් එකට ගිහින් දවල් දෙක වෙද්දි ආපහු එන්න "
නිමේෂ් කියවන් ගියාට මගෙ හිත තිබ්බෙ පුදුම සටනක්..යන්නෙ කොහොමද, බේබිල දිහා බලන් ඉන්නෙ කොහොමද, මට දරාගන්න පුලුවන් වෙයිද .., නොයා හිටියොත් අවුලක් නැති වෙයිද..
"සර්..මං කියන එක අහගෙන ද ඉන්නෙ ?"
"ඔව් "
මං ඇදේ ඉදන් කිව්වෙ ඕනවට එපාවට..මට නිමේෂ්ගෙ වැඩසටහන් විස්තරය අහන්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ..
"සර් ...අ....."
නිමේෂ් කියන්න ආපු එක එකපාරටම නවත්තල රින් වෙන පෝන් එක අරන් එලියට ගියෙ ඇස් දෙකත් ලොකු කරගෙන..මිනිහගෙ මූණෙ තිබ්බ අවුල් ගතිය එක්ක මට හිතුණෙ ගෙදරින් බනින්න කතා කරනව ඇති කියල...එක අතකට නිමේෂ් පව් කියලත් හිතෙනව..ඌ කියන විදියට මගෙන් හම්බෙන සල්ලි ඔක්කොම යවන්නෙ ගෙදරට..ඒ කරත් ගෙදර මිනිස්සුන් නිමේෂ් ගැන ඒ තරම් හිතන්නෙ නෑ කියල මට හිතුණෙ....පැය බාගෙකින් විතර ආයෙමත් නිමේෂ් කාමරේට ආවෙ පෝන් එක කට් කරන ගමන්..මං හොදට බැලුවෙ මිනිහගෙ මූණ දිහා..කලින් හිටියට වඩා සීරියස් මූණක් තිබ්බ හින්දම මට හිතුණෙ ගෙදරින් මිනිහගෙ ඔලුව අවුල් කරල කියල..
YOU ARE READING
දෑස නිසා
Saggisticaප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..