"අම්මී....අම්මී...මාමෙ අම්මී ආව "
කොල්ල මගෙ අතේ ඉදන් හිනාවෙවී මන්දාරා දිහා බලන් කෑ ගහද්දි මට පුදුම හිතුණ..මට හිතුණේ මං දකින්නෙ හීනයක්ද කියල..
"පුතා කවුද ඒ ..?"
"අම්මී ආව..."
මං බලන් හිටියෙ පුතාගෙ මූණ දිහා..මන්දාරා දිහා බලන් සතුටින් කෑ ගහන විදිය දැක්කම මගෙ පපුවත් හිර වුණා...ඇස්වලට කදුලු ආවෙ මටත් නොදැනිම..මන්දාරා නැලවි නැලවි අපි ලඟට ආවෙ පොඩි සෙල්ලම් කාර් එකකුත් අරන්..
"හායි...ඔයා....ම්...අහස්නෙ....මට දිල් කියල තියනව ඔයා ගැන..නයිස් ටු මීට් යූ "
කෙල්ල මගෙ නිදහසේ තිබ්බ අතට බලෙන්ම අත දීල හිනාවුණේ සංග්ලාස් දෙක ගවුමෙ කර ලඟ ගහ ගන්න ගමන්..මං හිනාවුණෙත් හරි අමාරැවෙන්..
"come here baby..මාමට කරදර කරන්න එපා "
මන්දාරා කොල්ලට සෙල්ලම් කාර් එක අතට දීල අත් දෙක දික් කරද්දි කොල්ල පැනගෙන ගියෙ මගෙ හුස්මත් නතර කරල..මට දැනුණෙ පුතා මගෙන් ගොඩක් ඈත් වෙලා වගේ..
"අහස්...ඔයාගෙ අක්ක නේද නිර්මාල් අයිය කලින් මැරි කරල හිටියෙ..?"
"අහ්..ඔව්.."
මට හිතාගන්න බෑ ගෙදර මිනිස්සු මං ගැන මොනව කියල ඇත්ද කියල..ඒත් බේබිගෙයි මගෙයි සම්බන්ධෙ ගැන කියල නෑ කියල හොදට තේරැණා..ඒක කිව්වොත් කෙල්ල අකමැති වෙයි කියල නොකිය ඉන්න ඇති..
"ඔයා? ...එතකොට නිර්මාල් බේබි බදින්න ඉන්න කෙනාද ?"
මං නොදන්නව වගේ ඇහුවෙ මගෙ හිත එපා කියල බල කරද්දි..
"ඔව්..ඔයා කලම්බු ඉන්න හින්ද මාව මීට් වෙලා නෑනෙ නේද?..නිර්මාල් අයිය මං ගැන ඔයාට කියල නැද්ද? ..ඉට්ස් ඕකේ..ඔයාට පුදුම ඇති මං ඔයා ගැන විස්තර දන්නෙ කොහොමද කියල...දිල් විතරක් නෙමේ නිර්මාල් අයියගෙ අම්මිත් මට කිව්ව ඔයා එයාලට හම්බ වුණ හැටි, එයාලගෙ ගෙදර නතර වෙලා රඟපාන්න ගිය හැටි..ඔයාගෙ ස්ටෝරි එක හරිම ඉන්ටරෙස්ටින් අහස්...හැබැයි මං ඉස්සර ඉදලම ඔයාගෙ ෆෑන් කෙනෙක්.."
මන්දාරා හිනාවෙවී කියෙව්වට මගෙ හිත තිබ්බෙ වෙන තැනක..මගෙ චරිතෙ ඝා.තනය වෙන විදියට මං ගැන කියල ඇති...මොනව වුණත් බේබි මේ තරම් ලස්සන කෙල්ලෙක් එපා කියයිද ..මන්දාරා කියන්නෙ මාධවීටත් වඩා පෙනුම තියන සල්ලිකාර කෙල්ලක්...ඇස් හීනි කර කර හිනාවෙවී කොණ්ඩෙ නලවන හැටි දිහා මං බලන් හිටියෙ හිතින් මාධවීව සංසන්දනය කරන ගමන්..
YOU ARE READING
දෑස නිසා
Não Ficçãoප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..