දෑස නිසා 56

1.1K 165 13
                                    

පුතා මල්ලි එක්ක දවසෙම දඟල දඟල ඉදල රෑ වෙද්දි එයාගෙ කාමරේ ඇද උඩ දෙන්නටම නින්ද ගිහින්..බේබි ආන්ටියි අංකලුයි එක්ක ලොකු කතාවක්..නිමේෂයත් ගොරව ගොරව බිම මෙට්ටෙ උඩ නින්ද ගිහින්..බේබි එකපාරටම මගෙ ඇදට ඇවිත් වැටුණෙ මං නිදාගන්න ලෑස්ති වෙද්දි..

"බේබි එහා කාමරේට යන්න ..මල්ලි ලඟ නිදා ගන්න..මං පුතාව මං ලඟට ගන්නම් "

   මං ඇදෙන් නැගිටින ගමන් කිව්වෙ ආන්ටිලත් අපේ අතීතෙ දන්න හින්ද එක කාමරේ නිදාගන්න එක අවුල් කියල දැනුන හින්ද...ඒත් බේබි සද්ද නැතුව ගල වගේ ඇස් පියාගෙන නිදි....මං ආයෙම උරහිසින් අල්ලල හෙලෙව්වෙ එයාව නැගිට්ටවන්න..

"බේබි...නැගිටින්න කො අප්ප...අර කාමරේට යන්න"

".මට මහන්සියි .."

බේබි මිමිණුවෙ ඇස් පියාගෙනම..මට යන්තම් තරහකුත් ආවෙ එයා මගෙ හැඟීම් අවුස්සයි කියල හිතුණ හින්ද...

"හරි බේබි නිදාගන්න එහෙමනම්..මං මල්ලිගෙ කාමරේට යනව "

   මං නැගිටල ඇදෙන් නැගිටින්න බේබි හයියෙන් මාව ඇදල ගත්ත..මං.එයාගෙ ඇඟ උඩ වැටුණ..

"මොනවද කරන්නෙ? ..ඔයා හෙට අනිද්ද බඳින්න ඉන්න කෙනෙක්..එක්කො ඔයා යන්න..නැත්තම් මං යනව ..මගෙ හැඟීම් එක්ක විහිලු කරන්න එපා.."

   මං තරහෙන් කියද්දි බේබි අතින් මගෙ අත හෙමීට අතෑරැණා..එලියට පේන්න තරහ මවාගෙන හිටියට මගෙ යටි හිත ඉල්ලන්නෙ ම ඒ උණුසුම..ඒත් මට ඒක ඕනෙ වෙන කෙනෙක්ගෙ අයිතියක් නැතුව...තුන්වැනියෙක් ආවම මට එතන තවත් රැඳෙන්න බෑ...අනියම් විදියට ඉන්න මං කැමති නෑ.ඒක කරන්නම බෑනෙ....ඒත් බේබි මොකුත් නොකිය හෙමීට නැගිටල කාමරෙන් එලියට යද්දි මගෙ හිතුවක්කාර හිත කිව්වෙ ම දුවල ගිහින් එයාව ඇදල ලඟට ගන්න කියල ..ශිට්...මගෙ හිත වෙලාවකට තියෙන්න පුදුම හිතුවක්කාරකමක්..'අහස්...උබට එයාව හිමි නෑ...ඈතට වෙලා දුක් නොවිද ඉදපන්'...මගෙ යටි හිත මටම  කියද්දි මං ඇදේ හාන්සි වුණේ හැමදේම අමතක කරල නිදාගන්න...

   ඒ එක්කම ආයෙත් බේබි කාමරේ ඇතුලෙ..තනියම නෙමේ...නිදාගෙන හිටපු පුතාවත් හරහට වඩාගෙන...එයා මොකුත්ම නොකිය පුතා මගෙ ලගින් තිබ්බෙ මල් වට්ටියක් අරන් තියනව වගේ..මං පුතාව තුරැල් කර ගත්තෙ බේබි කාමරෙන් එලියට යන දිහා බලාගෙන...සමහර පපුව ගැහෙන හැගීම් තියනව විස්තර කර ගන්න අමාරැයි..මේකත් ඒ වගේ..අත් පය හතර දිගෑරල නිදාගෙන ඉන්න පොඩ්ඩව මං පපුවට තුරැල් කර ගත්තෙ නලල ඉබින ගමන්..

දෑස නිසාWhere stories live. Discover now