දෑස නිසා - 69

1.2K 159 31
                                    

දෑස නිසා - 69

     එදා රෑ වෙද්දි පොලිසිය දෙතුන් දෙනෙක් බේබි හම්බ වෙන්න හොස්පිටල් එකට ආව...ඕ අයි සී ධනුක ...බේබි ගෙ යාලුවත් ඇවිත්.....ඕ අයි සී බේබි ගෙ අත අල්ලගෙන සන්සුන් විදියට කතා කරද්දි මගෙ හිතේ තිබ්බ බය ටිකක් නැති වෙලා ගියෙ අපි අවදානම් තත්වෙන් ඈත් වෙලා කියල දැනෙද්දි...බේබිට ප්‍රශ්නයක් වුණාම පොලිසි ගානෙ රස්තියාදු වෙන්න නැති එකත් ලොකු දෙයක්..මොනව වුණත් පොලිසිය කේස් එක මාරම උනන්දුවෙන් කරනව කියල මට තේරැණා..

   "නිර්මාල්...අපි අදාල හැමෝම ඇරෙස්ට් කරා.මේක ඔයාගෙ කේස් එක එක්ක විතරක් යන එකක් නෙමේ..තව තව කේස් දෙක තුනක්ම තියනව..මිනිහ එසේ මෙසේ කෙනක් නෙමේ....ජාවාරම් දෙක තුනක්ම හැන්ඩ්ල් කරපු එකෙක් ..හැබැයි නඩුවට ඔයාට එන්න වෙනව.."

   ඕ අයි සී කියද්දි මට තේරැණා ඒ කියන්නෙ මන්දාරාගෙ තාත්ත ගැන කියල...

"ඔව් බන්..අපි ඉස්සරහ රඟපෑවෙ හරියට හැම පෝයට ම සිල් ගන්නව වගේ..කිසිම බුරැලක් දෙන්න එපා "

" අනිවාර්යයෙන්ම... මිනිස්සු අපිට අඳුනගන්න බෑ ලගින හිටිය හොදට කතා කරා කියල....හැබැයි ඉතින් උබ ඒකි ව බැන්ද හින්දනෙ පොලිසියට මේව හොයාගන්න පුළුවන් වුණේ..නැත්තම් තාමත් හැංගිලා .."

     ඕ අයි සී ධනුක කිව්වෙ බේබිගෙ උරහිසට තට්ටු කරන ගමන් හිනාවෙවී..ඒත් මට දැනුණෙ බේබි දැන් තමයි ලොකුම ප්‍රශ්නෙට මූණ දීල තියෙන්නෙ කියල..මන්දාරා ඩිවෝස් වෙන්න බෑ කිව්වොත් නඩු කියන්න වෙනව..බේබිගෙන් ආදරයක් ලැබෙන්නෙත් නැතුව ඩිවෝස් එක දෙන්න බෑ කියන්නෙ පලිගන්න..ඔක්කොමත් හරි වන්දිය කෝටියක් විතර ඉල්ලුවොත් මොකද කරන්නෙ...මගෙ ඔලුවෙ දැන් කැරකෙන එකම ප්‍රශ්නෙ ඒක..

     ඕ අයි සී බේබි එක්ක කතා කරල යද්දි බේබි මං දිහා බැලුවෙ සීරියස් බැල්මක්..

"අහස්..දැන් රෑ ඔයා යන්න එපා...අපේ ගෙදර නැවතිල යන්න..බය වෙන්න දෙයක් නෑ "

"එපා බේබි..මං හොටෙල් එකක රෑම් එකක් අරන් දවල් ඉදලත් ආවෙ..මට ඒකෙ ඉදල හෙට උදේ මෙහෙ ඇවිත් ආපහු කොලඹ යන්තම්.."

"පුතා ඔයාව හොයයිද?"

"ම්...නෑ...මං දැනුත් කොල් කරා..ආන්ටි කිව්ව අවුලක් නෑ..මල්ලි එක්ක ඉන්නවලු..දැන් එයාට එහෙ හුරැයි.."

දෑස නිසාWhere stories live. Discover now