මල්ලිගෙ විභාගෙ පටන් අරන්..එයාව මට දකින්න වෙන්නෙත් නැති තරම්..මං උදේම ගියාම ආයෙ එන්නෙ රෑට..සමහර විට රෑ දහයත් පහු වෙනව..බිස්නස් වැඩවලට මුල් තැන දුන්න හින්ද සහන් අයියගෙ ඇකඩමි එකේ ගිවිසුමෙන් මං අයින් වුණේ එයාලගෙ අකමැත්තෙ අයින් වෙන්න එපා කියද්දිම....ඒත් ඒ වගේ දේකට බැඳිල ඉද්දි බිස්නස් වැඩ එක්ක බැලන්ස් කර ගන්න අමාරැයි..රඟපාන්න ආරාධනා ලැබුණ ටෙලි නාට්‍ය දෙකක්ම මං ප්‍රතික්ශේප කරේ බිස්නස් වැඩ හින්ද..මට දැනුණෙ රඟපෑමට වඩා බිස්නස් එකෙන් දෙයක් කරන්න පුළුවන් කියල..
නිරංග අයිය මගෙ ජීවිතේ සහෝදරයෙක් තරමටම ලං වුණා..එයාත් මං වගේම දුප්පත් තැනක ඉදල උඩට ආපු කෙනෙක්..ඒත් මං තරම් දුක් විදල නෑ කියල මට හිතුණෙ නිරංග අයියගෙ ජීවිත කතාව ඇහුවම..මගෙ ජීවිතේ හැම දෙයක්ම එයා එක්ක කිව්වට බේබි ගෙ සම්බන්ධෙ ගැන කිසි දෙයක් නොකිව්වෙ ඒ තරම්ම විශ්වාසයක් හිතේ තිබ්බෙ නැති හින්ද...නිරංග අයියට නම් කෙල්ලක් ඉදල..බූට් එක වැදුණ හින්ද තාම බැදල නෑ..ඒක ඇහුවම මට පව් කියලත් හිතුණ..ඒත් මං ඉන්නෙ ඊටත් වඩා අන්ත අසරණ තැනක..හරියට ගන්ධබ්බ අවධියක් වගේ..යන්නත් බැරි ඉන්නත් බැරි තැනක හිර වෙලා..
"ජීවිතේ කියන්නෙ ආදරේ නෙමේ මල්ලි ...ජීවිතේ කියන්නෙ සල්ලි...නිකමට හිතන්න.. සල්ලි නැත්තම් ආදරේ කරන්න පුළුවන් ද ?...කවදාවත් බෑ..මිනිස්සු ආදරේ කරන්නෙ ම සල්ලිවලට ..සල්ලි නෑ තැන ආදරයක් නෑ"
නිරංග අයිය නිතරම මාත් එක්ක කියවන එයාගෙ ජීවිතේ තේමාව ඒක..මං ඒකට එකඟ නැති වුණත් ඒ කියවන වෙලාට සද්ද නැතුව අනුමත කරල ඉන්නව..මොකද මට ආදරේ ලැබුණෙ සල්ලි තිබිල නෙමේනෙ..ඇදිවත විතරක්ම උරුම වෙලා තිබුණ වෙලාවක...ඉතින් මං කොහොමද ඒක පිළිගන්නෙ..
ගොඩ දවසකට පස්සෙ මට තිවංක සර් කතා කරා...මං කලින්ම රඟපාපු සදඟනා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක..මං ගොඩක් ගරැ කරන මනුස්සයෙක්...
"අහස්...කොහොමද මේ දවස්වල වැඩ?..මොකක් හරි ඇග්රිමන්ට් එකක් එහෙම සයින් කරාද ?"
"නෑ සර්...වැඩ දෙක තුනක්ම ආවත් පෞද්ගලික හේතුවක් හින්ද මං භාර ගත්තෙ නෑ"
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..