දෑස නිසා - 47

1.1K 158 32
                                    

දෑස නිසා - 47

   බේබිව හම්බවුණාට පස්සෙ ඉදන් එයා මං එක්ක ආයෙ කෝල් කරන්න පටන් ගත්ත..නිතරම නෙමෙයි ..සතියකට දෙපාරක් වගේ.. ඒකත් මට හිතට සැනසීමක්...මං දන්නව බේබි මට ආදරේ නැතුව නෙමේ..එයා ඒ කෝල් කරද්දිත් කිව්වෙ මේ අමාරැ කාලෙ පහු කරන කම් ඉවසන්න කියල..ඒත් මං දන්නෙ නෑ කවද වෙනකම් ඉවසන් ඉන්නද කියල..මේ විදියට සම්බන්ධෙ නැවතිල එයා මගෙන් වෙන්වුණොත් කියල හිතෙද්දි හුස්මත් නතර වෙනව..බේබිටත් ඒ විදියටම දැනෙනවද කියන්න මට තේරෙන්නෙ නෑ..

   අද ටී වී වැඩසටහන....මං ඒ වගේ වැඩසටහනකට සහභාගි වෙන පලවෙනි වතාව හින්ද හිතේ පොඩි ගැස්මක් නැතුවම නෙමේ..කේමාල් අයිය එක්ක තව ප්‍රවීණ නලු නිළියො දෙතුන් දෙනෙක් ඉන්නව..එයාලට මේ වගේ වැඩසටහන් වලට මූණ දිල හොදට පුරුදුයි ..රඟපෑවට අහන ප්‍රශ්න වලට උත්තර දීල මට පුරුදු නෑ..

"මල්ලි උබට බයයි වගේ ද?"

   කේමාල් අයිය මගෙ අත අල්ලගන්න ගමන් ඇහුවෙ වැඩසටහනට ඉදගන්න ඔන්න මෙන්න තියෙද්දි..

"අවුලක් නෑ අයියෙ... .මොනව අහයිද කියල නම් පොඩි සැකයක් තියනව "

"අවුල් නැති වුණාට උබේ අත අයිස් කැටයක් වගේ..හ්ම්...භය වෙන්න එපා.....හැබැයි ඉතින් ඔය නිවේදකයන්ට කටට බ්‍රේක් නෑ..මොන මෝඩ ප්‍රශ්නයක් අහයිද කියල අපිට කියන්නත් බෑ..මොකද උන්ට ඕන හොදින් හරි නරකින් හරි ටීවී ප්‍රෝග්‍රෑම් එක ප්‍රසිද්ධ කරගන්න.."

"ම් බලමුකො..එන විදියට මූණ දෙනව.."

    අපිට පැය බාගෙකින් විතර මැදිරියට කතා කරා..ඒක අලුත්ම අත්දැකීමක්..අපි හතර දෙනෙක් දෙපැත්තෙන් වාඩි වෙලා ඉද්දි නිවේදකය හිටියෙ මැද..මුලින් හැමෝගෙන්ම සුහදව  ආ ගිය තොරතුරැ අහපු නිවේදකය අන්තිමට හැරැණෙ මං දිහාට..

"අහස්....අහස් විමංග...මං දන්න විදියට ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ හිරිමල් යෞවනයෙදි..ඒ වගේම ඉතාම කෙටි කාලයක් ඇතුලත රඟපෑමෙන්ම ඔබ ජනතාවගෙ හදවත හොරකම් කරන්න තරම් දක්ෂ වෙනව...ඒ විතරක් නෙමේ ..අද වෙද්දි ඔබ ගායකයෙක් විදියටත් ක්ෂේත්‍රය තුල වැජඹෙන්න පලවෙනි පියවර තියල ඉවරයි...ඉතින් ආදරණීය කලාකරුවෙක් විදියට වගේම ගායකයෙක් විදියට මේ වෙනකම් ආපු ගමන කොහොමද ඔබ විස්තර කරන්නෙ?...මං හිතන්නෙ ඔබට ආදරය කරන ඔබේ ප්‍රේක්ෂකයො හැමෝම හරි කැමැත්තකින් ඇති ඔබ ගැන තොරතුරැ දැන ගන්න "

දෑස නිසාWhere stories live. Discover now