උදේම නැගිටල කාමරෙන් එලියට එද්දි අප්පච්චියි පුතයි තව නිදි...අද ශූටින් යන පලවෙනි දවස...සහන් අයියල එක්ක යන්න පුලුවන් වුණත් බේබිට එන්න තියනවනම් හොදයි කියල හිතෙනව..ඉස්සෙල්ලම දවසනෙ..ඒත් එයාගෙ රස්සාවෙ හැටියට මට හිතෙන හිතෙන වෙලාවට එන්න බෑ.......මං ලෑස්ති වෙලා ඉවර වෙලා බේබිගෙ කාමරේට ගියෙ යනව කියන්න..නිර්මාල් බේබි ටී ශර්ට් එකක් ඇදන් ඩෙනිමකුයි ඇදන් කණ්ණාඩිය ඉස්සරහට කොණ්ඩෙ හදනව...මට නිකමට හිතුණෙ එයා මං එක්ක එනවදෝ කියලත්..
"බේබි...අද වැඩට යන්නෙ නැද්ද?"
මං ඇහුවෙ කණ්ණාඩිය ලගට ගිහින් හොරාට එයාගෙ හැඩ බලන ගමන්..එයා රඟපාන්න ගියා නම් මං කැලේ.ඒ තරම් කඩවසම් පෙනුමක් මට නෑ කොහොමත්..ලගදි ඉදන් ජිම් යන හින්ද ඉස්සරට තිබ්බ කෙට්ටු ගතිය නැති වුණාට බේබි තරම් ඇඟ නෑ..
"ම්හ්....ඇයි මං එන්න එපාද..?"
"..බේබි එනවද?...මං එක්ක..?"
"හ්ම්..මං නිවාඩුවක් දැම්ම..අපි යමු.."
අම්මෝහ්....මං සතුටට ම ඇද උඩට පැන්න නෙමේ පැන්න වුණා...මලා...පොඩි එකා ඇහැරැණා 🙃....දැන් කොහොමද නලවගන්නෙ ..අඩ නින්දෙන් ඇහැරැණම සාමාන්ය විදියට ඇහැරැණා වගේ නෙමේ ...අඩනව ඇට්ටි හැලෙන්න...මං පොඩි එකාව ඉක්මනට අතට ගත්තෙ නිර්මාල් බේබි දිහා බලන ගමන්..
"කොහොම හරි දඟලල යන්න ඉස්සෙල්ල ඇහැරෙව්ව නෙහ්?'
එයා සැරෙන් වගේ කියල මං ලඟට ආවෙ පුතා ගන්න...අපි දෙන්න උදේට ගෙදරින් යද්දි ගොඩක් වෙලාවට පොඩි එකා නිදි..ඒක හින්ද යන්න ලේසී..ඒත් දැන් මොකද කරන්නෙ
"කෝ? ...මෙහෙ දෙන්න.."
බේබි ඇවිත් මං අතින් පොඩි එකා අරන් නලවන්න හැදුවට අපි දෙන්නටම නලවගන්න බෑ..නිර්මාල් බේබි කාමරෙන් එලියට ගියෙ පුතාවත් වඩාගෙනම..ඒ නිලන්ති නැන්ද හොයාගෙන..ඒ එක්කම කාමරේ ඇතුළට කඩා බිඳගෙන ආවෙ දිල්කි..මං එහෙමම ගල් ගැහිල බලන් හිටියෙ උදේ පාන්දර කවදාවත් නැතුව මාව හොයන්න ආවෙ ඇයි කියල හිතාගන්න බැරිව..
"අහස්..මයි කන්ග්ජුලේශන්ස්..."
උදේම කෝස් එකට යන්න ලෑස්ති වෙලා දිල්කි ඇවිත් තියෙන්නෙ මට සුබ පතන්න..දැන්නම් මේ සැලකිලි මට දරාගන්න බැරිම තරම්..මං අතට අත දුන්නෙ යන්තම් හිනාවෙලා..
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..