පහුවදා දානෙ දීල සේරා ආන්ටිලාගෙන් සමු අරන් අපි ගෙදර එද්දි කලුවර වැටිල. ඒ හිටපු ටික වෙලාවට මට තේරැණා සේරා ආන්ටි , අංකල් දෙන්නම ගොඩක් හොද අය.කතා බහ හැසිරීම විතරක් නෙමේ ආගමික පැත්තෙනුත් ටිකක් අවබෝධයක් තියන දෙන්නෙක්....දැකල නැති වුණත් සෙනුශි ගැන මටත් දුකයි..ඔක්කොටම වඩා පුතා ගැන දුකයි..එයාට මට වගේම අම්මගෙ ආදරේ නැති වුණානෙ..
ටික දවසක් ගත වුණා..සමහර දවස්වල නිර්මාල් බේබිටත් වඩා මං කාර්යබහුල වුණා....දවස් දෙකකට කලින් අපේ විශුවල් එක පබ්ලිශ් කරා....ඒ දවස....මං වැඩියෙන්ම සතුටු වුණ දවස....සහන් අයියගෙ යූ ටියුබ් චැනල් එකේ වීව්ස් වැඩිම වීඩියෝ එක...ඒක ට්‍රෙන්ඩ් වුණේ අපි හිතුවටත් වඩා වේගෙන්...දවසක් ඇතුලත වීව්ස් ලක්ෂ ගාණක් එනකොට මට නම් පුදුම හිතුණ.සහන් අයියගෙ පේජ් එකේ කලින් පබ්ලිශ් කරපු වීඩියෝස් හතර පහක් ම තිබ්බත් මේ සින්දුව මිනිස්සු අතරට ගියෙ ඒ හැම එකක්ම අභිබවල..
අද ඇකඩමියෙ හැමෝගෙම කතාව සින්දුව ගැන..හැමෝම ඇවිත් මට සුබ පතද්දි එන සතුට කියන්න වචන නෑ...නදිතුයි නිලානුයි මගෙ කරේ එල්ලුණ ගමන්..
"මේ අහපන් අහස්..මං දැනට ඩ්‍රාම දෙකක පොඩි චරිත කරල තියනව..මූත් එහෙමයි...ඒත් සහන් අයිය උබට කුට්ටිය පිටින්ම මේන් කැරැක්ටර් එකක් හොයල දෙනව කියල මට සීයට දාහක් ශුවර් "
නදිත් කියන්නෙ මගෙ කරට අත දාගෙන..
"පිස්සුද බන්?...මං ඕව ගැන ලොකු
බලාපොරොත්තු නෑ..අනික අනාගතේ ගැන අපිට දැන්ම කියන්න බෑනෙ"මං එහෙම කිව්වට හිතේ බලාපොරොත්තුවක් නැත්තෙම නෑ.. මෙතන පුහුණු වීම් කරන හැමෝගෙම එකම අරමුණ ජනප්‍රිය චරිතයකින් මිනිස්සු අතරට යන එක..මටත් දැන් ඒ අරමුණ හිතට කා වැදිල..සහන් අයියට ප්‍රවීණ කලාකරුවො කීප දෙනෙක් එක්ක සම්බන්ධතා තියෙන එක අපිට ලොකු වාසියක්..
"සාවී සාවී නුඹ සද සාවී "
සහන් අයිය හිනාවේගන අපි ලගට ආවෙ අලුත් සින්දුවෙ කෑල්ලක් කිය කියා...
"නලුව?..කොහොමද ඉතින්?...ඔන්න පලවෙනි වැඩේ නම් සුපිරියි "
සහන් අයිය කිව්වෙ අතින් මගෙ කොණ්ඩෙ අවුල් කරන ගමන්.
YOU ARE READING
දෑස නිසා
Sachbücherප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..