ඩොක්ට මාධවීව ත් වාහනේට දාගෙන මං ගියෙ මධවී ලගෙ ගෙදර..ටවුන් එකේම...ඒක ලොකු ගෙයක්..මේ පැතිවල ගොඩක් තියෙන්නෙ තට්ටු ගෙවල්..මං වාහනේ ගේට්ටුව ඉස්සරහ නැවැත්තුවම මාධවී බැහැ ගත්ත..ආයෙම වාහනේ අරන් හොස්පිටල් එකට ආවෙ නිර්මාල් බේබිව ගන්න..
අද ප්‍රයිවට් බේත් සාප්පුවට යන්න වෙන්නෙ නෑ..මාධවීලගෙ ගෙදර උපන් දින සාදය.....බේබි එක්ක වාහනේ ගෙදර එන ගමන් මං රඟපාපු සිද්ධිය කියද්දි එයා අහන් හිටියෙ එච්චර උවමනාවකින් නෙවේ වගේ...
"එතකොට ඔයා රඟපාන්න කැමතිද..?"
"ම්..අකමැත්තකුත් නෑ බේබි"
"ඒ පැත්තෙන් ඉස්සරහට යන්න පුලුවන් කියල හිතනවද..?"
බේබි අහන්නෙ සීට් එකට බර දීල..හේත්තු වෙලා..."කරල බලන්න හිතෙනව..මට කියල අරමුණකුත් නෑනෙ.."
අපි දෙන්න අතර තිබ්බෙ විනාඩියක විතර නිහඬතාවයක්..සුක්කානම කරකන ගමන් මං බේබි දිහා බැලුවෙ ලොකු බලාපොරොත්තුව කින්...එයා ඉස්සරහ බලන් හිස් බැල්මකින්...
"එහෙනම් ඒක ට ජොයින් වෙන්න..අම්මට කියන්න එපා..කොහොමත් මාව හොස්පිටල් දාල ඔයාට පුළුවන් ඒකට යන්න..පුරැදු වෙන්න.."
බේබි කියද්දි මට දැනුණ සතුටට වාහනේ නවත්තල එයාව බදාගන්න හිතුණ..ඒත් එතනින් පස්සෙ ලොකු කතාවක් නැතුවම එයා සීට් එකේ ඔලුව හේත්තු කරන් නිදි..පව්..මහන්සි ඇති....මං වාහනේ ගෙදර මිදුලෙ නවත්තනකම්ම බේබි නිදි..
"බේබි නැගිටින්න "
"අහ් ආවද..?"
නිර්මාල් බේබි බැහැල යද්දි මං වාහනේ පාර්ක් කරා..දැන් මේක මගෙ වාහනයක් වගේ..ඇත්තටම මට ගැලපෙන ම ජොබ් එක නිර්මාල් බේබිගෙ ඩ්‍රයිවර්..ඒත් එයා දන්නවනම් මං අද එයා ගැන හිතල රගපාල ලකුණු ගත්තෙ කියල...😏
ගෙදර හැමෝම හයියෙන් හිනාවෙවී කතාව...මැඩම්, දිල්කි , කුසුම් නැන්ද , නිලන්ති නැන්ද...අහ්...අද රෑ පාර්ටියට ලෑස්ති වෙනව..ඒත් දේශාන් බේබිගෙ වයිෆ් සිතුමිණි එක්ක යයිද..කොහොමත් මැඩම් දැන් එයාට බනින්නෙ නෑ වැඩිය..හැබැයි කතා කරන්නෙත් නෑ වැඩිය..දේශාන් බේබිගෙ හිතුවක්කාර කම් මැඩම්ට දරාගන්න සිද්ධ වෙනව කොහොමත්....
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..