රෑ නිදාගන්න යද්දි වෙනද පුරැද්දට බේබිට කෝල් ගත්තත් පෝන් එක වැඩ කරේ නෑ...ඒ කියන්නෙ එයා මට කතා කරන එකත් නවත්තල ..රෑ දොළහ එක වෙනකම්ම නිදි නැතිව මං කරේ බේබි ගෙ පෝන් එකට කෝල් ගත්ත එක..ඒත් ඒ හැම වෙලාවෙම නම්බර් එක වැඩ කරේ නෑ..මට මැරෙන්න තරම් දුකයි...අඩුම තරමෙ එයාට මට කතා කරන්නවත් තිබ්බ..සමහර විට මැඩම්ට අමාරැ වෙන්න ඇති කියලත් හිතෙනව.....ඒ රෑ පුරාම මට නින්දක් තිබ්බෙම නැති තරම්..
"අහස් මල්ලියා..ඔයා ගෙ ඇස් වටේ පොඩ්ඩක් විතර ඩාර්ක් වෙලා...නින්ද යනව අඩුද..?"
පහුවදා ශූටින්වලට මේකප් කරද්දි මේකප් ආර්ටිස්ට තිබ්බ ලොකුම ප්රශ්නෙ. එයාලටත් අපේ පුංචි හරි වෙනසක් පේන්න තියනවනම් හේතුවත් එක්කම අහනව..
"ඔව් අයියෙ.මේ දවස්වල පොඩි වැඩ වගයක් තිබ්බ "
"එහෙම නම් බෑ පුතෝ..ඔයා ඔයාගෙ ස්කින් එක ගැන හොදට හිතන්න ඕනෙ..ඇසුත් ඉදිමිල. නිදිමරල වගේ තමයී"
ඇති යන්තම් ..අඩල වගේ කිව්වෙ නැතුව..ඔව් ඉතිං නලුවෙක් කියන්නෙ ඇඟ ප්රදර්ශනය කරන එකනෙ..ඒකට පෙනුම හොදටම තියෙන්න ඕනෙ..ඒත් මට මේ දවස්වල පෙනුම ගැන හිතන්න තරම් මානසිකත්වයක් නෑ..
ශූටින් කරන අතරෙ ලැබෙන පොඩි නිදහසෙත් මං කරේ බේබිට කෝල් ගන්න එක..ආන්සර් කරන්න වත් පෝන් එක වැඩ නෑ කියල දැන දැනම මං ගත්තෙ හිතේ කොනක නෙමේ හිත පුරාම තිබ්බ බලාපොරොත්තුව හින්ද..
"මොනවද බන් කරන්නෙ ගෑනි මැරිච්ච මිනිහ වගේ ?...පොඩි වෙලාටත් අයින් ගහල මූඩ් එකේ කෝල්..උබට මොකද අද වෙලා තියෙන්නෙ ?"
කාගෙන් බේරැණත් කේමාල් අයියගෙන් බේරෙන්න බෑ..ඌට හැමදේම විහිළු..හැමවෙලාවෙම ගෑණු ටිකක් මැදි කරගෙන පැය ගාණක් වුණත් බොරැ කියවන්න කේමාල් අයියට පුළුවන්..ඒ අතර මගෙ ගැනත් රබර් ඇහැ දාල බලාගෙන..
"මොකුත් නෑ අයියෙ"
"අනේ පලයන් බන් ..උබේ මූඩ් එක දැක්කම කියන්න පුළුවන්...ඒක නෙමේ ...අන්න ටෙලිවිෂන් ප්රෝග්රෑම් එකකට අපිට ඉන්වයිට් කරල.."
කේමාල් අයිය කියද්දි මට පුදුම හිතුණ..එකපාරක් යූ ටියුබ් එකේ චැනල් එකක ඉන්ටවිව් එකකට ගියා ඇරෙන්න මට වෙන වැඩසටහන් ඇවිත් නෑ..
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..