අපේ බිස්නස් එකේ අලුත්ම බ්‍රාන්ච් එකක් පානදුරෙත් ඕපන් කරේ නිරංග අයියගෙ අදහසකට.මේ වෙද්දි අනික් භාණ්ඩවලින් අයින් වෙලා සම්පූර්ණයෙන්ම ඇදුම් වලට වෙන් වුණේ අපේම ගාමන්ට් ෆැක්ට්‍රි එකක් පටන් අරන්..මුලින්ම බිස්නස් කරපු බිල්ඩින් එකේ ගාමන්ට් එක පටන් අරන් පානදුර කොලඹ බ්‍රාන්ච් දෙකටම අවශ්‍ය ඇදුම් නිෂ්පාදනය කර ගන්න අපිට පුලුවන් වෙද්දි තොග විදියට පිටින් ගන්න එකත් සම්පුර්ණයෙන්ම නැවතුණා..අලුත්ම brand name එක එක්ක කම්පැණිය Elegance Standards Styles (pvt)ltd (ESS) විදියට වෙනස් වුණෙත් නිරංග අයියගෙ යෝජනාවකට...
ආදායම ටික ටික වැඩි වෙද්දි අපේ ශ්‍රම බලකායත් ටිකක් වැඩි වුණා..නිමේෂ් සම්පුර්ණයෙන්ම බිස්නස් වැඩවලට සින්න වුණේ මං කලා වැඩවලින් ටික කාලෙකට අයින් වුණ හින්ද.... නිමේෂ් කලින් ඉදල තියෙන්නෙත් බිසනස්මන් කෙනෙක් ගෙ ඇසිස්ටන් වෙලා හින්ද අවුලක් වුණේ නෑ.. සේවක මණ්ඩලයත් ටික ටික පුළුල් වෙද්දි ඒ ඒ අංශවලට වෙන වෙනම ඩිරෙක්ටර්ස්ල පත් කරල නායකත්වය වැඩි කරෙත් නිරංග අයියගෙ අදහසකට..marketing ( වෙළද ප්රචාරක), financial(මුදල් සම්බන්ධ) store keeping, (බඩු ගබඩා ) යන අංශවලට වෙන වෙනම අත්දැකීම් තියන මැනේජර්ස්ල ගන්න අපිට පුලුවන් වුණා..
"මල්ලි මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ.."
නිරංග අයිය කිව්වෙ මගෙ කැබින් එකට ඇවිත්..අපි ඔෆිස් එකට වෙනම ලොකු ඉඩකඩක් වෙන් කරගෙන තිබ්බ..ඒ අතර අපි දෙන්නගෙ කැබින් වෙන වෙනම එක ලග තිබ්බෙ..මැනේජර්ස්ලගෙන් එන ලියකියවිලි , ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් චෙක් කරන ඒව, චෙක් අත්සන් කරන ඒව විතරක් නෙමේ..කම්පැණි එකේ පරිපාලන කටයුතු ..ඒ හැම එකක්ම නිරංග අයිය වගේම මාත් හරි හරියට කරන්න ඉගෙන ගත්ත..
"ඇයි අයියෙ?..මොකක් හරි අවුලක්ද ?"
"නෑ බන්..."
නිරංග අයිය ඉස්සරහ පුටුවෙන් ඉදගද්දි මං බල බල හිටපු ෆයිල් එක පැත්තකින් තිබ්බෙ එයාගෙ කතාව අහන්න..
"මල්ලි...ඔයා මේ කම්පැණි එකේ සම අයිතිකරුවෙක්..දැනටම මම වගේම ඔයත් හැමදේටම දක්ෂයි...ඉතින් ඒ හින්ද කම්පැණි එකේ GM (General Manger)පොස්ට් එක බාර ගන්න ව නම් හොදයි"
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..