දෑස නිසා - 13

2.1K 267 23
                                    

අද මැහුම් කපන දවස.. තුවාලෙ ගොඩක් හොද වෙලා ..රිදෙන්නෙ නැති තරම්...රෑ වැඩ ඇරිල ඇවිත් නිර්මාල් බේබි වොෂ් එකක් දාල කෙලින්ම ආවෙ මං ලඟට..මං හිටියෙ බේබිගෙ කාමරේ......දොස්තර ලග හින්ද බය වෙන්න දෙයක් නෑ ...

"කෝ පුතා..?"

"නිලන්තිට බාර දුන්න"

     නිර්මාල් බේබි කිව්වෙ අඬු බඬු ටිකත් අරන් මගෙ ලඟට එන ගමන්..මං හිටියෙ ඇදේ උඩ අතට හාන්සි වෙලා......එයා මං ලගින්ම ඉඳගත්ත..

"රිදෙයිද...?"

    ම්හ්.. උත්තර නොදීම වැඩේ පටන් අරන්.මං ඇදන් හිටපු සරම පහලටම ගලවල..

"මට බලන්න ඕනෙ.."

    මං කියද්දිම බේබි කොට්ටෙ ටිකක් උස්සල මගෙ ඔලුව ටිකක් කෙලින් කරා..ඔපරේෂන් බඩු ටිකයි බේත් පුලුන් දැක්කම බඩටත් මොකක්ද වෙනව..ඒත් එයා සද්ද නැතුව පිළිවෙලට වැඩ..ග්ලවුස් දාගෙන හරි සංයමයකින් එක අඩුවකින් නුල අල්ලන් කතුරෙන් එක එක කපල අදිනව..මට දැනෙන්නෙ නිකම් එකපාරටම කඩියෙක් කනව වගේ...ඒක දැනෙන්නෙත් නෑ එයා දිහා බලන් හිටියම..මට ගොඩක් ම ඕන වුණේ මැහුම් කපනවට වඩා එයා ඒක කරන දිහා බලන් ඉන්න...ඒ ලස්සන මූණ, හැඩි දැඩි බාහු ..මේව ගැලපෙන්නෙ ඩොක්ටර් කෙනෙක්ටත් වඩා නලුවෙක්ට...මං බලන් හිටියෙ ඇසි පිය නොගහ..

"රිදුණද ?"

     රිදුණද තියා මට තුවාලයක් තිබ්බද කියලවත් දැනුණෙ නෑ..හැමදාම ලෙඩෙක් වෙලා හිටියොත් නම් මෙහෙම කරුණාවන්ත විදියට සලකයි..

"මොකෝ ?...රිදුණද ?"

"ම්..ටිකක් විතර..කපල ඉවරද?"

    "ඉවරයි කියල දන්නෙත් නෑ කියන්නෙ  අනිවාර්යයෙන්ම රිදිල නෑනෙ..?"

   බේබි කියන්නෙ තුවාලෙට බේත් දාන ගමන්..

"බේබි?"

"ම්ම්.."

"මං දෙයක් අහන්නද තරහ ගන්නෙ නැත්තම්?"

    මං දෙගිඩියාවෙන් හෙමීට ඇහුවෙ මෙච්චර දවසක් හිතේ තිබ්බ ප්‍රශ්නෙ එලියට දාන්න තියන සුබ නැකත මේක හින්ද.. ලෙඩින් හින්ද බනින්නෙත් නෑනෙ..

"මොකක්ද ?"

"පුතාගෙ අම්මට මොකද වුණේ...?"

    දෙපාරක් නොහිත අහල දැම්මට පපුව වේගෙන් ගැහෙනව....එයා එකපාරටම මං දිහා බැලුවෙ තුවාලෙන් ගෝස් කෑල්ලක් එලල..පොඩ්ඩ වෙලාවක් මගෙ ඇස් දිහා බලන් ඉදල ආයෙම තුවාලෙ වැඩේ කරගෙන ගියෙ කිසිම උත්තරයක් නොදී..මං තාමත් උත්තරේ බලාපොරොත්තුවෙන්....ම්හ්...එයා පාඩුවෙ වැඩ..ප්‍රශ්නයක් ඇහුවම සද්ද නැතුව ඉන්න එක තමා එපා වෙන්නෙ....මට ආයෙ ආයෙ අහන්නත් බෑ...පොඩිරාල මාම කිව්ව විදියට නෝන නැතිවෙලානෙ..සමහර විට බේබි ඒ ගැන කතා කරන්න අකමැති ද දන්නෙ නෑ..

දෑස නිසාWhere stories live. Discover now