මං ඇස් ඇරල බැලුවෙ ජනේලයෙන් ආපු එළියට..බේබිට සැපට නින්ද ගිහින්...පුතා ඉන්නෙ මගෙ අනිත් පැත්තෙ ..එයත් හොදටම නිදි...මං ඇස් පියාගෙනම තව ටිකක් බේබිට තුරැල් වුණේ හිතට මාරම නිදහසක් දැනෙද්දි..බේබිගෙ උණුසුමට මට ආයෙමත් නිදිමතයි වගේ.....
"මා...මේ "
අහ්..පොඩි එකා නැගිටල...මං දඩිබිඩි ගාල බේබිගෙන් ඈත් වුණා..කොල්ලට දැන් ටික ටික හැමදේම තේරෙනව..බැරි වෙලාවත් මොන්ටිසෝරියට ගිහින් කිව්වොත් අපේ අප්පච්චියි මාමයි තුරැල් වෙලා නිදාගන්නෙ කියල ....ඉවරයි..මං පුතාගෙ පැත්තට හැරිල බලන් හිටියෙ එයා ඈනුමක් ඇරල නිදිගැට කඩන දිහා..එයා ඊයෙ රෑ එනකනුත් නිදි හින්ද ඉන්නෙ කොහෙද කියලවත් දන්නෙ නෑ..
" තව ටිකක් නිදාගන්න මැණික "
මං කිව්වෙ පුතාට ලං වෙන ගමන් .මට ඕන වුණේ එයාගෙ ඇස් වහල බේබිට තව තුරැල් වෙන්න..ඒත් කොල්ලට නිදිමත අහලකවත් නෑ..
"අපි මොන්ටිසෝරි යන්නෙ නැද්ද ?"
"අද නිවාඩු දාමු නේහ් ?"
මං හිනාවෙලා කියද්දි පොඩ්ඩ ඇස් දෙකත් ලොකු කරල මං දිහා බැලුවෙ ලොකු උනන්දුවකින්....මං එයාගෙ කම්මුලට කිස් එකක් දුන්නෙ ටිකක් තුරැල් කරගෙනම..
"ඒ කිව්වෙ ?"
"ඒ කිව්වෙ ඔයා අද මොන්ටිසෝරි යන්නෙ නෑ..."
"එතෝට චතුමියි තෙනාලුයි, මීනුයි ?... , එයාලත් යන්නෙ නැද්ද ?"
"ම්...මට හිතෙන්නෙ එයාලත් යන්නෙ නැතිවෙයි"
"ටීචර්?"
"ඔයාල කවුරැවත් නැත්තම් ටීචත් එන්නෙ නැති වෙයි නේහ්?.."
"ඒනම් අපි දෙන්න අද සෙල්ලම් කරමු.."
කොල්ල නැගිට්ටෙ මගෙ ඇඟට ගොඩවෙන්න වුණත් එකපාරටම ගල් ගැහුණෙ මට එහා පැත්තෙ නිදාගෙන හිටපු බේබි දකිද්දි..මට හිනා ගියෙ ඒ පුදුම වුණ බැල්මට..නලලත් රැලි කරන් බේබි දිහා බලාගෙන..
"ආ..න්.....අප්පච්චි ?"
"හ්ම්..ඔයාගෙ අප්පච්චි ඇවිත් "
පොඩ්ඩ මගෙ ඇඟ උඩින් පැනල බේබිගෙ ඇඟට පැන්නෙ හිනාවෙවී...නින්ද ගිහින් හිටපු බේබිට ඇහැරැණා..
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..