දෑස නිසා - 18
එදා හවස් වරැවම මට දැනුණෙ දිල්කි සින්දුව එක්ක ජීවත් වෙනව වගේ..ගෙදර යන එන ගමනුත් ඇහෙන්නෙ සින්දුව.ඒ වෙනස්වීම් ගැන ආයෙ ආයෙ හිතන්න මට ඕන වුණේ.නෑ....රෑ නවයට විතර බාත්රෑම් එකට ගියෙ නිදාගන්න කලින් වොෂ් එකක් දාන්න..
"පුතේ....මොකක්ද අර සින්දුවක් ගැන දෝණි බේබි කියවන්නෙ ?"
කුසුම් නැන්ද කුස්සියෙ දොර ලග අරක් ගෙන ඉදන් හෙමීට ඇහුවෙ කාටවත් ඇහෙයි කියල වගේ.කුස්සියට හිර වෙලා තුන් වේල උයනව ඇරෙන්න එලියෙ වෙන්නෙ මොනවද කියලවත් නැන්ද දන්නෙ නෑ....පොඩි රාල මාමත් කුතුහලයෙන් මං දිහා බලාගෙන..මේ ගෙදර ලොකු බේබියි පුතයි ඇරෙන්න මගේ කියල දැනෙන්නෙ මේ දෙන්න විතරයි...
"ඉන්න නැන්දෙ ...මං පෙන්නන්නම් "
මං ආපහු කාමරේට ගිහින් පෝන් එක අරන් ඇවිත් සින්දුව ප්ලේ කරා.දෙන්නම මගෙ දෙපැත්තෙ ඉදන් සින්දුව බලනව...මං ශ්වේතගෙ නලල කිස් කරන සීන් එක දකිද්දි කුසුම් නැන්ද අතින් කට වහ ගත්තෙ අමුතු හිනාවක් දාගෙන. ලැජ්ජාවෙන් වගේ..
"අම්මේහ්..මේ බලාපල්ලකො....දැන් කොල්ල ඉලන්දාරියෙක් වෙලා.."
කුසුම් නැන්ද කිව්වෙ පොඩිරාල මාම දිහා බලාගෙන..
"එහෙම තමයි කුසුමො..ඉස්සර අපේ කාලෙ වාගෙ නෙමේ..දැන් ඉතින් දියුණුයිනෙ හැම අතින්ම "
"හ්ම්...ඇත්තටම පුතේ උබට හොද තැනකට යන්න පුළුවන් කියල හිතෙනව....ඒත මේ වැයැ ගිහින් ජීවිතේ නාස්ති කර ගන්නව එහෙම නෙමේ ඕන්.."
කුසුම් නැන්ද කිව්වෙ සින්දුව ඉවර වෙද්දි මගෙ උරහිසේ ඉදන් අත පහලට එනකම් අතගාන ගමන්...මට හැමදාම ඒ ආදරේ දැනෙන්නෙ අම්මෙක් වගේ..
"එහෙම නෑ නැන්දෙ...මං පොඩි ලමයෙක් නෙමේනෙ දැන් "'
"පොඩි එකෙක් තමයි ...මොකද පවුල් පන්සල් වෙලා මෝරලයැ..ගෙදර හිටියනම් තාමත් ඉස්කෝලෙ යන කාලෙනෙ"
"ඒ වුණාට කුසුමො අද කාලෙ ලමයින්ට අපිට වඩා යමක් කමක් තේරෙනව..හැබැයි ඉතින් ඉහල තැනකට ඇවිත් රටම දන්න කෙනෙක් වෙද්දි අපි නම් අමතක වෙලා යයි"
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..