දෑස නිසා - 16
උදේ හය හමාර විතර ඇහැරැණේ දොරට ගහන සද්දෙකට..කොහොමත් මම උදේ නැගිටින වෙලාව..එකපාරටම ඇදෙන් පැනල දොර ලගට ගියෙ කාට හරි හදිස්සියක් ද කියල හිතන ගමන්..
අහ්...නිලන්ති නැන්ද දොර ලග ...පොඩි එකා වඩාගෙන..පොඩ්ඩ කෑ මොර දිදී අඩනව..ඒ කදුලු පෙරන බෝල ඇස් දෙක දැක්කම මගෙ පපුවටත් මොකක්ද වුණා..මං ඉක්මනට අත් දෙක දික් කරද්දි කොල්ල මගෙ අත් දෙකට ආව නෙමේ පැන්න..
"මොකද නැන්දෙ වුණේ...?"
මං ඇහුවෙ පුතා ව වඩා ගෙන.එයා තාම ඉකිගහනව..මගෙ බෙල්ලත් බදාගෙන..
"මොකුත් වුණේ නෑ..එයාට ඕන විදියට අපි හිටියෙ නෑ කියල තමයි ඉතින්..හැමදාම එහෙමනෙ"
නිලන්ති නැන්ද කිව්වෙ නිදහසට කරුණු කියවනව වගේ..ඒත් මට සැකයි..කොල්ල අඩන විදියට ගහලද දන්නෙ නෑනෙ..
"කෝ ලොකු බේබි?"
"බේබි යන්න ලෑස්ති වෙනව බාත් රූම් එකේ...මං පුතාව ඔයා ලගට ගෙනාවෙ අඩන එක නවත්තගන් පුලුවන් වෙයිද කියල බලන්න ..අඩන්න ගත්තම ඉතින් නවත්තන්න බෑනෙ "
"නැන්ද යන්න මං.ලෑස්ති වෙලා පුතාව ගෙනත් දෙන්නම් "
නිලන්ති නැන්ද යද්දි මං බැලුවෙ පොඩ්ඩගෙ මූණ දිහා..චූටි අත් දෙකෙන්ම මගෙ බෙල්ල බදන් ඉකිගහනව..
"මොකක්ද මැණික වුණේ..?"
මං ඇහුවෙ කදුලු පෙරෙන කම්මුල් ඉබින ගමන්..ආයෙත් ඒ ඇඩුම අලුත් වුණා..මං එයාව අරන් ඇදෙන් ඉදගත්ත..ම්හ්...ඇදෙන් තියන්න බෑ..මාව බදාගෙන..
"ඇයි මැණික..ඔයාට ආයම්ම බැන්නද ?"
"නෑ"
"එහෙනම් ...සෙල්ලම් කරන්න එපා කිව්වද ?"
"නෑ"
"ඒනම් ?"
"මාම මගෙ නෙමේ කිව්ව"
"කවුද කිව්වෙ?"
"ආයම්ම "
"එතකොට මාම කාගෙද ?"
"මාම මගෙ නෙමේ කිව්ව..."
පොඩ්ඩ ආයෙමත් හයියෙන් අඩනව...මොකක් හරි දෙයක් පොඩ්ඩට තදින් කියන්න ඇති කියල තේරැණේ එයා අඩන විදියෙන්...හිතාගන්න බෑ...මේ දවස් ටිකේ මං ලග හිටියෙ නැති හින්ද පොඩ්ඩ මාව ඕනෙ කියල කිව්වද දන්නෙත් නෑ..එතකොට අම්මණ්ඩිට තරහ ගිහින් මොනව හරි කියල සැර කරාද..මොනව වුණත් ලමයි බලාගන්න ඉන්න හැමෝම ලමයින්ට ආදරේ නෑ..තමන්ගෙ ලමයින්ට වගේ ආදරේ කරන අය ඉන්නෙ හරිම කලාතුරකින්..මං පුතාව අමාරැවෙන් නලව ගත්තෙ එක එක කතා කියල..වැඩට යන්න හිතෙන්නෙත් නෑ එයා අඩද්දි...
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..