මට ලෑස්ති වෙන්න ගියෙ පොඩ්ඩගෙ ඇඩිල්ල නැවතුණාට පස්සෙ..ලේසි නෑ රවට්ටගන්න එක..එයාලගෙ ඔලුවලට අපිට වගේ ලොකු ලොකු දේවල් හිතන්න නෑනෙ..පොඩි දෙයක් ඇති ලොකු වැඩක් කර ගන්න..
"අහස්?... මාර්ක් වලට මොකද කරන්නෙ?..ෂූටින් වලට යන්නෙ කොහොමද ?"
නිර්මාල් බේබි අහන්නෙ ඊයෙ රෑ තියපු මාර්ක් ගැන...මං හිටියෙ වොෂ් එකක් දාගෙන ඇවිත් ලෑස්ති වෙන ගමන්..බේබිට වගේම මටත් දැන් තියන ලොකුම ප්‍රශ්නෙ ඒක..
"බේබි....මට අදහසක් ආව..අපිට මේකප් කරන ආර්ටිස්ට් මේකප් කරද්දි මාත් ඒව පොඩ්ඩ පොඩ්ඩ දැන් දන්නව..එයාල ෆවුන්ඩේශන් එක කියල එකක් ඉස්සෙල්ලම ගානව..ඒක අපේ හමේ පාටට ටිකක් හුරැයි..අනික පැල්ලම් එහෙම ඒකෙන් මකන්න පුලුවන්.."
"ඉතින් ඒව කොහෙද තියෙන්නෙ ?"
"ඒව තියෙන්නෙ සාමාන්‍යයෙන් ගැහැණු ලමයි ලග..එයාලනෙ මේකප් කරන්නෙ..බේබිට පුලුවන්ද දිල්කි බේබිගෙන් අහල එන්න එහෙම එකක් තියනවද කියල..?"
"මං කොහොමද බන් ඕව අහන්නෙ?...අනික මොකක්ද ඒකෙ නම කිව්වෙ?"
"ෆවුන්ඩේශන්....මූණෙ ගාන කියල අහන්නකො..බේබි යනවනම් හොදයි...මං යන එක අවුල් වගේ.."
"එතකොට මොකටද කියල ඇහුවොත් ?"
"ම්..ම්..ඒකට මොකද කියන්නෙ.?.අහ් හරි බේබි කියන්න මට පොඩ්ඩක් මේකප් කරන් යන්න ඉල්ලුව කියල...අද ශූටින් තියනව හින්ද..රඟපාන්න යද්දි කොහොමත් මේකප් කරනව කියල දිල්කි බේබි දන්නව "
මං නිර්මාල් බේබිටම බෝලෙ පාස් කරා..බේබි නලල අත ගගා කල්පනාව...මූණත් සීරියස් කරන්...හරියට ශල්‍යකර්මයක් කරන්න ලෑස්ති වෙලා වගේ.....අහ්..ඔච්චර හිතන්න ඕනයැ..හැබැයි ඉතින් දිල්කිගෙ ඉන්ටව් එක පාස් වෙලා තමයි ඕක අරන් එන්න වෙන්නෙ..
නිර්මාල් බේබි දෙගිඩියාවෙන් වගේ කාමරෙන් එලියට යද්දි මට හිනත් යනව..මං පුතාව ඇදෙන් තියල ආයෙම කණ්ණාඩිය ඉස්සරහට ආවෙ ඒක මකන හැටි හිත හිත..
විනාඩි දහයකින් වගේ බේබි කාමරේ ඇතුලෙ..පොඩි ඩප්පියක් අතේ තියන්..
"ආ...."
එයා මට දික්කරා.."මොකද වුණේ..?"
"මොනව වෙන්නද..ප්‍රශ්න කෝටියකට විතර උත්තර දීල අරගෙන ආව...ආපහු ගෙනියන පොරොන්දුව පිට..."
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..