මං ඇස් දෙක ඇරියෙ ගොඩක් අමාරැවෙන්..ඔලුව පැලෙන්න තරම් රිදෙනව..ඒත් ජනේලයෙන් ආපු එලියට කාමරේ එලිය වෙද්දි ගොඩක් දවල් වෙලා කියල හිතුණ හින්ද දඩිබිඩි ගාල නැගිටින්න හැදුවත් එකපාරටම නැවතුණෙ මට එහයින් නිදාගෙන ඉන්න මනුස්සය දැක්කම..ඒ කියන්නෙ මං කොහෙද මේ ඉන්නෙ.ඔලුව උස්සනත් හරි අමාරැයි.....
පොරවල තිබ්බ සුදු පාට ශීට් එක ටිකක් උස්සලා බැලුව..දෙයියනේ... මගෙ ඇදුම් කෝ...මගෙ පපුව වේගෙන් ගැහුණෙ එහා පැත්තෙ නිදන් ඉන්න එකා මොකාද කියල බලන්න බයෙන්..සුදුපාට ශීට් එක පොරවගෙන මට එහයින් සැපට නිද..බැලූ බැල්මට බේබි වගේ .....ඒත් එයා කොහෙද මෙහෙ...වෙන්න බෑ...මං ඌ පොරවන් හිටපු පැත්තත් උස්සල බැලුව..උගෙත් ඇදුම් නෑ කියල දැනගත්තම හුස්මත් හිරවුණා..ශිට්..මේ මොකක්ද වුණේ...මගෙ ඔලුව කැරකෙනව වගේ..මං හෙමීට ටිකක් ඉස්සලා කොල්ලගෙ එහාපැත්ත හැරිල තිබ්බ මූණ බැලුවෙ කවුද කියල බලා ගන්න..අහ්..ඇත්තටම බේබි...දෙයියනේ ..එයා කොහොමද මෙතන ඉන්නෙ...මේ මොන අපභ්රංශ යක්ද..කෝ එතකොට නිමේෂ්....බේබි ඊයෙ කසාද බැඳල රෑ ඇවිත් අද ඉදන් මාව අනියම් විදියට තියාගන්න හිතන් ද ඇවිත් තියෙන්නෙ..මගෙ තුවාලෙ ආයෙම පෑරෙනව කියල දැනෙද්දි ඇස්වලට කදුලු ආවෙ ඉබේම..බේබි දැක්කම පුදුමයක් එක්ක හිතට අමුතු සතුටක් දැනුණට එයාට මාව ඕනෙ මේ දේට විතරයි කියල හිතෙද්දි දැනුණෙ පුදුමාකාර කළකිරීමක්..
බේබි හෙමීට මගෙ පැත්තට හැරෙන්න හදද්දිම මං ඇස් තද කරල පියාගත්තෙ එයාට මූණ දෙන්න තිබ්බ අකමැත්තට...බොරැවට ඇස් පියන් ඉද්දි බේබිට හිතෙන්න ඇති මං තාමත් තද නින්දේ කියල..ඒත් මට දැනුණ එයා මං ලගට ටික ටික ලං වෙන එක..ඒ හුස්ම මගෙ මූණට වදිද්දි මගෙ පපුව ගැහුණෙ එලියට එන්න තරම්...එයාගෙ තොල් නතර වුණේ මගෙ නලලෙ...ඇයි බේබි මෙහෙම හැසිරෙන්නෙ..හරි අමාරැවෙන් හිත හදාගන්න යද්දි ආයෙත් මාව පාරනව..මං එකපාරටම ඇස් ඇරල බේබිව හයියෙන් තල්ලු කරේ හිතට ආපු ආවේගෙත් එක්කම..බේබි විසිවෙලා ගිහින් ඇද උඩ ඉදන් මගෙ දිහා අනපේක්ෂිත බැල්මක් එක්ක බලන් ඉද්දි මගෙ ඇස් දෙකට කදුලු පිරැණෙ මං ගැනම දුකක් දැනුණ හින්ද..
"බේබිට මාව විහිළුවක් ද.?.. හිතන් ඉන්නෙ මං සෙල්ලම් බඩුවක් කියලද ?..මගෙන් ගන්න පුලුවන් එකම වැඩේ මේක කියල හිතුවද ?... ....මං හිතුවෙ නෑ බේබි මෙහෙම කියල.."
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..