Rest room එකට පොඩ්ඩකට ගිහින් ආයෙත් set එකට එනකොට xiao zhan දැක්කෙ එතන කලබලයක් .
Script එකේ වෙනස් කරපු කෑල්ලට යිබෝ කැමති නෑ..Zhan යිබෝගෙ අතේ තිබුනු script එක අරගෙන පෙරලලා තිබුනු පිටුව දිහා බැලුවා..
Li wei රෝද සපත්තු වලින් වේගයෙන් ඇවිත් yang sheng ගේ ඇගේ වැදෙන්නේ අර්තාපල් ගෝනි බිම පෙරලීගෙන දෙන්නම බිම වැටෙන්නයි..
ඊලගට එතනින් නැගිට ගන්නා yang sheng , හොදටම කෝපයට පත්වෙලා , li wei ව නැගිටුවනවා..
ඊටපස්සේ බොහොම සැරෙන් li wei ට කම්මුල් පාරක් දෙන්නේ එයාව බිම වැටෙන විදිහට .!!" කලින් script එකේ තිබුනේ yang sheng තරහ ගිහිල්ලා li wei ට කෑ ගහනවා කියලා නේද?? "
Zhan ඇහුවේ screenwriter ගෙන්..
" ඔව්.. ඒත් ඔරිජිනල් web novel එකේ තියෙන්නෙ ඔය විදිහට කම්මුල් පාරක් දෙන එක. "
" අපි ඊයේ මේ ගැන සාකච්ඡා කරන කොට හිතුවා එහෙමම දාන එක yang sheng ගේ පර්සනැලිටි එකත් එක්ක ගැලපෙනවා කියලා .."
Director zhang weiwen ඒකට එකතු වුනා..Xiao zhan ටත් හිතෙන්නේ මේ වෙලාවෙ yang sheng , li wei ට නිකම්ම බනිනවාට වඩා කම්මුල් පාරක් දෙන එක කතාවට ගැලපෙනවා කියලා .
Yang sheng තාම දන්නෙ නෑනෙ li wei එහෙම කලේ එයාව බේරාගන්න කියලා .
අනික chief yang sheng හොදම කුකුල් කේන්ති කාරයෙක්නෙ.ඒත් යිබෝ මේකට අකමැති හේතුව zhan ට හිතාගන්න පුළුවන් ..
Zhan උනත් යිබෝට පහර දෙන දර්ශනයක් තිබුනොත් අකමැති වෙනවා තමයි ..ඒත්.. වෘත්තීය නලුවො විදිහට තමන්ට වගකීමක් තියෙනවනේ..
" weiwen laoshi මට විනාඩියක් දෙන්න. මම යිබෝ එක්ක කතා කරන්නම්.."
Zhan යිබෝගෙ අතින් ඇදගෙන පොඩ්ඩක් එහාට ගියා..
...........❤️💚
YOU ARE READING
වෙනස් ගිම්හානයක්.. A Different Sumner
FanfictionA close to real life yizhan / zhanyi fanfiction අපි දන්න 2018 TU රූගත කල ගිම්හානය නෙවෙයි .. මේක වෙනස් ගිම්හානයක කතාවක්... Start - 07-may - 2024