"ආරංචි හැටියට යිබෝ ඔයාට the best actor වෙන්න සෑහෙන chance එකක් තියෙනවා.."
යිබෝගෙ මැනේජර් mei li කෝල් කරපු වෙලාවෙ කිව්වේ.
" ඒ නිසා magnolia awards වලට සහභාගි උනොත් හොඳ නැද්ද.."" නෑ. Mei li. ඒක ලැබුනත් නැතැත් award ceremony එකට යන්න වෙන්නෙ නෑ. වැඩ තියෙනවා දිගටම "
යිබෝ පිලිතුරු දුන්නා.
" අනික award එක නම් ලැබුනත් එකයි. නැතත් එකයි. "" එහෙම කියන්න එපා යිබෝ . ඔයා luoyang එකේ හොඳට act කලානෙ.. මට නම් හිතෙන්නෙම මේක ඔයාට ලැබෙයි කියලා .."
Mei li කියන්නෙ බලාපොරොත්තු සහගත හඬින්." හ්ම්. කොහොම උනත් මගෙ කැමැත්ත තියෙන්නෙ මේ දවස් වල movie actor කෙනෙක් විදිහට ඉස්සරහට යන්න . Drama නෙවෙයි ."
" හරි හරි. යිබෝ මම කතා කලේ ඔයාගෙන් වෙලාවක් ගන්න bottledjoy live stream එකකට..
අනිද්දා හවස 6.30 ට කොහොමද ?? "යිබෝ එයාගෙ schedule එක බලලා ඒ දවස ස්ථිර කර ගත්තා..
යිබෝ අම්මටයි , තාත්‍තාටයි නම් xiao zhan ගැන කිව්වා. එයාලා බොහොම ලේසියෙන්ම කැමතිත් උනා.
ඒත් නියම අභියෝගය තියෙන්නෙ එයාගෙ මැනේජර් jane mei li ට මේක කියන එක කියලා එයාට තේරෙනවා. දැනට විස්තරේ දන්නෙ lele සහ යිබෝගෙ ඇසිස්ටන්ට් විතරයි.
ඒත් mei li ටත් මේක කියන්න ඕනා.
ඊලඟට හමුවුන පලවෙනි වතාවෙම මේක කියන්න ඕනා . යිබෝ හිතාගත්තා.............❤️💚............
නිදි නොලබා ඇඳේ එහාට මෙහාට පෙරලුනු.. බැරිම තැන හිතේ ගැඹුරේ රහස් සැඟවිලා තියෙන දිනපොතෙත් අලුත් පිටුවක් ලියවුනු දීර්ඝ රාත්‍රියකින් පස්සේ yang sheng උදේම නැගිට ගත්තේ වැඩට යන්නත් එක්ක . අද city limit එකෙන් ඈත කර්මාන්ත ශාලාවක් විවෘත කරන එකකට අමාත්‍යවරු සහ විදේශ නියෝජිතයන් කට්ටියක් එනවා.
Deputy සහ wang haoxuan එයා එක්කම යන්න උදේ quarters එකට එනවා කියලා කිව්වා.
Li wei එක්ක සම්බන්ධය නතර උන දවසේ ඉඳලා ඒ දෙන්නා තමන් ගැන ඕනෑවට වඩා සැලකිලිමත් කියලා yang sheng ට හිතෙනවා.දැන් li wei ත් නැගිටලා සූදානම් වෙනවා ඇති පිටත් වෙලා යන්න . එයාගෙ දුම්රිය තියෙන්නෙ 8.30 ට නෙ. Yang sheng උදේ කෑම ගෙන්වලා dining room එකේ මේසය උඩින් තිබ්බා.
ඒ අතර yang sheng සැරෙන් සැරේ li wei නිදාගත්ත නිදන කාමරය පැත්ත බැලුවා. කෝ එයා තාම කාමරයෙන් එලියටවත් ආවේ නැත්තේ මොකද. තාම නිදිද දන්නේ නෑ.
YOU ARE READING
වෙනස් ගිම්හානයක්.. A Different Sumner
FanficA close to real life yizhan / zhanyi fanfiction අපි දන්න 2018 TU රූගත කල ගිම්හානය නෙවෙයි .. මේක වෙනස් ගිම්හානයක කතාවක්... Start - 07-may - 2024