70. A night stroll in Chonquing

188 41 69
                                    

Los Angeles වල chanel cruise එක ඉවර වෙලා යිබෝව මෙහේ chonquing වලට ගෙන්වා ගත්තේ එයාලගෙ පලවෙනි festival holiday එක එකට සමරන්න.

ඒත් ඒක සමරන්න කියලා සිද්ධ උනේ dragon boat festival එකටම අම්මා හදපු zongzi එක්ක රසවත් රාත්‍රි කෑම කන එක විතරයි..

Zhan හිතුවෙ යිබෝවත් එයාගෙ කාමරේ තියාගන්න... හරියට යිබෝගෙ ගෙදර ගියාම එයා හිටියේ යිබෝගෙ කාමරේමනෙ.

ඒත් අඩුම ගානෙ එක කාමරේ නෙවෙයි .. එක floor එකකවත් ඉන්න බැරිවුනා දෙන්නට.

අන්තිමට කොහොම හරි ඒ දෙන්නට උනේ උඩ තට්ටුවේ සහ පහල තට්ටුවේ කාමර දෙකක තනිව නිදා ගන්න..

වෙන රටකට ගිගින් දවස් ගාණකින් හමුවුනාට පස්සේ අඩුම ගානෙ පුංචිම හාද්දක්වත් දෙන්න බැරිවුණා ..

නොනිදා එහේ මෙහේ පෙරලුන xiao zhan එක පාරටම ඇඳේ වාඩිවුනා..

මේකද අපි දෙන්නගෙ පලවෙනි dragon boat festival එක??
ආසාවෙන් බලා හිටියේ මේකටද??
යිබෝව chonquing ගෙන්වා ගත්තේ මේකටද??
උත්සව දවසක් සමරනවා කියන්නෙ මේකටද??

එයා ඇඳෙන් බැහැලා ඉක්මනට එලියට යන ඇඳුම් ඇඳ ගත්තා..
ඒ ගමන්ම යිබෝට කෝල් එකක් ගත්තා..

" බොබෝ... ලෑස්ති වෙන්න . අපි යමු carnival එකට .."

..............❤️💚......

Xiao zhan ලෑස්ති වෙලා පහලට ඇවිත් මුලින්ම තට්ටු කලේ අම්මා, තාත්තාගෙ නිදන කාමරයේ දොරට.

" ඇයි පුතා හදිසියේ ?? "
දෙන්නාම දොර ලඟට ආවා..

"තාත්තා, මම දැන් යිබෝ එක්ක එලියට යනවා.. Festival එකක් දවසේ ගෙදර ඉන්න එක තේරුමක් නෑ.."

" ඒත්.. ඔයාලා දෙන්නව කවුරු හරි අඳුර ගත්තොත් මොකද කරන්නෙ?? "
විරෝධතාවය ප්‍රකාශ කලේ අම්මා.

" industry එකේ හිටියා කියලා අපිට මෙහෙම බිත්ති ඇතුලටම වෙලා ඉන්න බෑනෙ අම්මා.. මේ වගේ දවසටවත් එලියට යන්නේ නැතුව මොකටද ? අනික සාමාන්‍ය විදිහට ඇඳලා ගියාම කවුරුත් අපි දිහා විශේෂයෙන් බලන්නෙ නෑ.."

" හැබැයි .ඒකත් ඇත්ත . කලින් පුතා xz studio එකත් එක්ක chonquing වල vlogs එහෙමත් කලේ . කවුරුත් එයාව අඳුනාගත්තෙ නෑනේ.."
තාත්තා කිව්වම අම්මා තවත් මුකුත් කියන්න ගියේ නෑ..

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now