35. හැම දේම වෙනස් කල රාත්‍රියක්.

291 55 109
                                    

Shanghai museum එක අක්කර දෙකක භූමියක විහිදුන විශාල ස්ථානයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Shanghai museum එක අක්කර දෙකක භූමියක විහිදුන විශාල ස්ථානයක්.
ලගදි ආව ඔත්තුවත් එක්ක cctv දර්ශන නිරන්තරයෙන් monitor කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නෙ museum එකේ ඉදගෙන වගේම , shanghai පොලිස් ස්ථානයේ ඉඳගෙනත්.
ඒ වගේම පොලිස් නිලධාරින් කීප දෙනෙක්ම shanghai museum එකෙත් රාජකාරි වලට දාලා තියෙන්නෙ .

ඒ දියමන්ති වලල්ල සොරකම් කරනවා කියලා ඔත්තුව ලැබිලා දැන් සතියකුත් පහුවෙලා ..
පොලීසිය එදා ඉදන් සීරුවෙන් හිටියත් තාම මුකුත් හැල හොල්මනක් නෑ.

එදා රෑ chief yang sheng නගරය වටා රවුමක් ගිහින් , කෞතුකාගාරය පැත්තෙත් ගිහින් ආයෙත් පොලිස් ස්ටේශන් එකට ආවා. කෞතුකාගාරයේ තත්ත්වය සාමකාමී. මුකුත් වෙනසක් නෑ.
පොලීසියේ දෙන්නෙක් potato chips හපමින් කෞතුකාගාරයේ cctv දර්ශන නිරීක්ෂණය කරමින් හිටියා.

Yang sheng , එයාගෙ deputy එක්කම ඒ රූම් එක ඇතුලට ගියාම ඒ ඔෆිසර්ස්ලා නැගිටලා ආචාර කලා.

" කොහොමද museum එකේ තත්ත්වය ?? "
Yang sheng එයාගෙ ගැඹුරු හඩින් විමසුවා.

" කිසිම අවුලක් නෑ chief..හැමදේම හොදින්.."

" හ්ම්ම්.."
Cctv ස්ක්‍රීන් එක දිහා බලලා හිස වැනු yang sheng රූම් එකෙන් එලියට යන්න හදලා ..ආයෙත් එක පාරටම හැරුනා. .

" පොඩ්ඩක් ඉන්න ....."

Yang sheng ස්ක්‍රීන් එකට කලබලයෙන් එබුනා..

Chief ගේ කලබලයෙන් අනික් අය පුදුමයට පත් වුනා. මොකද ඒ දර්ශන වල කිසිම වෙනසක් නෑ..
අද රෑට වහලා කෞතුකාගාරයේ ඇතුලේ කිසිම මනුස්සයෙක් නෑ කියලා එයාලට ශුවර් ..

අනික දියමන්ති වලල්ල තිබෙන ස්ථානයෙන් දර්ශන කීපයක්ම එනවා. ඒවායේ මේ තියෙන්නෙ ඒ දියමන්ති වලල්ල යස අගේට.

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now