44. දුක සඟවාගෙන ඔයා ලඟම..

232 52 129
                                    

ADLAD අවසාන දර්ශනය ඊයේ තිබුනු නිසා හැමෝම xiao zhan ගේ රංගන හැකියාව ගැනම කතා කර කර හිටිය දවස වෙනස් වෙන්න එක මොහොතයි ගියේ..
අර ෆොටෝස් ටික එලියට ආව වෙලාවෙ ඉඳන් හැමෝටම ප්‍රශ්නය උනේ ඒක ..

" එහෙනම් xiao zhan හොරෙන්ම බැඳලද?? "

" girlfriend ප්‍රෙග්නන්ට් උනාට පස්සේ එයාව බඳින්නෙ නැතුව ඉඳියිද?? "

ඊලඟට xiao zhan ව කවදා හරි කසාද බඳින්න ඉන්න ගෑණු ලමයින්ගෙන් zhao li ට විරුද්ධව ලියවුනේ නරක විදිහේ hate comments ..

" හපොයි.. බලන්න එයාගෙ හැටි.. Xiao zhan ට නම් කොහොමත් ගැලපෙන්නෙ නෑ.."

" xiao zhan ව හිර කරලා තියාගන්න හිතාගෙන ප්‍රෙග්නන්ට් වෙන්න ඇති.."

..................❤️💚.....

" shit.. මගෙ දවසම කෑවා මේ මෝඩ rumors "

Xiao zhan කිව්වෙ තරහෙන්..
එයාගෙ ෆෝන් එක ඉවරයක් නැතුව එන මැසේජස් , කෝල්ස් නොසලකා හරිමින් සෝෆා ස්ටූල් එක උඩ තිබුනා.

යිබෝ mini fridge එක ඇරලා කූල් ඇපල් ජූස් වීදුරුවක් එයාගෙ අතට දීලා, එයා ලගින්ම සෝෆා එකේ වාඩි උනා..

" ඕවා ගණන් ගන්න එපා zhan ge.. අපි දෙන්නම දන්නවනෙ මේ ෆීල්ඩ් එකේ හැටි.."

" ඔව් ඉතින්.."
Zhan බීම උගුරක් බිව්වා.

ටිකක් වෙලා කල්පනා කරපු යිබෝ ආයෙත් කතා කලා..

" ඒත් මේ rumor එක එලියට ආව දවස බලන්න zhan ge!! ඊයේ ඉඳන් හැමෝම ඔයාගෙ ADLAD රඟපෑම ගැනම හොඳ කියන වෙලාවෙ , ඒවා අමතක වෙන විදිහට මේක ආපු එක මගෙ හිතට හරි නෑ"

" මීට වඩා නරක දේවල් වලටත් මුහුණ දීලා මට නම් පුරුදුයි බොබෝ.. ! ඒත් කාරණා දෙකක් නිසයි මට මේ තරම් තරහා.."

බාගයක් බිව්ව ඇපල් ජූස් වීදුරුව යිබෝ වෙත දිගු කරමින් zhan කතා කලා..

" මට එපා.. මම වතුර ගොඩක් බිව්වා.  කාරණා දෙකක් කිව්වේ zhan ge..?? "

"පලවෙනි කාරණේ .. මේක zhao li ටයි එයාගෙ පවුලටයි කරපු මහා අසාධාරණයක් .. ඒ මිනිස්සු තමන්ගේ පාඩුවෙ , කාටවත් කරදරයක් නැතුව  ජීවත් වෙන අය.. අනික එයාගෙ හස්බන්ඩ් kenzo ජපානෙ කෙනෙක් .. එයාට මේ වගේ දේවල් වෙන කොට මොනවා හිතෙනවා ඇද්ද ?? "

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now