Xiao zhan සුපර්මාර්කට් එකක් ලග වාහනේ නැවැත්තුවා.
" අපි මෙහෙන් මොනවා හරි අරගමු.."
එයාලා ඉන්නෙ ගෙදර යන ගමන්. Daxigou residential district එකේ මේ දවස් වල ඉන්න zhao li ගෙ අලුත් බබාලා දෙන්නව බලලා යන්න තමයි zhan , යිබෝ දෙන්නා කල්පනා කලේ.
අලුත උපන් බබාලට ඕන එක එක දේවල් ගොඩක්ම එයාලා දෙන්නා කාර්ට් එකට දාගත්තා..
යිබෝ පුදුම උනේ zhan කේක්, ඩෝනට්, අයිස්ක්‍රීම් එහෙමත් තෝරාගෙන එන කොට." zhan ge, මම හිතන්නෙ ඉපදිලා දවස් ගාණක් වෙන බබාලා කිරි විතරයි බොන්නෙ.."
එයා කිව්වෙ උපහාසය මුසු හිනාවක් එක්ක .." මෝඩයෝ..! මම දන්නවා.."
Zhan කිව්වෙ හෙමිහිට යිබෝගෙ පිටට පාරක් දෙන ගමන්." බබාලා විතරක් නෙවෙයිනෙ අලුත් . අම්මත් අලුත්නෙ. මම කියවලා තියෙනවා බබෙක් ඉපදුණු ගමන් අම්මා කෙනෙක්ට මාර ස්ට්‍රෙස් එකක් එනවා කියලත්.. ඉතින් අපි බබාව බලන්න යනකොට අම්මව අමතක කරන්න හොඳ නෑ."
එහෙම zhan කියන කොට යිබෝට මතක් උනේ මීට ටික කාලෙකට කලින් බබෙක් බලන්න ගිය හැටි.
ඒ එයාගෙ Uniq brother කෙනෙක් උන kim sung joo ගෙ බබා බලන්න ගිය ගමන. එයා කසාද බැන්ද බවවත් , බබෙක් ඉන්න බව වත් කවුරුවත් දැනගෙන හිටියේ නෑ සමීපම හිතවතුන් ඇරෙන්න. ඉතින් යිබෝ uniq බෑන්ඩ් එකේ අනික් කට්ටිය එක්ක බොහොම රහසින් තමයි ඒ ගමන ගියේ.. බබාට වටිනා තෑගි ගොඩක් ගත්තට ..එයාලාට අලුත් අම්මාට මුකුත් ගන්න බැරිවුනා. එහෙම කල්පනාවක් එයාලට ආවෙ නෑනෙ.( kim sung joo and son)
ඉතින් අද xiao zhan මේ අලුත් අම්මට තෑගි, රසකැවිලි තෝරන හැටි යිබෝ බලා හිටියේ amusing feeling එකක් එක්ක ..
Zhan ge හරියට අනුන් ගැන හිතන.. ලස්සන හිතක් තියෙන කෙනෙක් ! යිබෝට ආයෙත් හිතුනා .
හැබැයි ඒ අලුත් අම්මා එයාගෙ ex girlfriend වෙච්චි එක ගැන එයාට පොඩිම පොඩි ඊර්ෂ්‍යාවක් නොදැනුනා නෙවෙයි ..
YOU ARE READING
වෙනස් ගිම්හානයක්.. A Different Sumner
FanfictionA close to real life yizhan / zhanyi fanfiction අපි දන්න 2018 TU රූගත කල ගිම්හානය නෙවෙයි .. මේක වෙනස් ගිම්හානයක කතාවක්... Start - 07-may - 2024