58. පිටව යන කලු දුමාරය..

211 38 38
                                    

Vogue china magazine එකේ කවර් එක හැඩවෙලා තිබුනෙ Wang Yibo ගෙ පින්තූරයකින්. ඇතුලෙත් එයාගෙ ෆොටෝස් එක්ක interview එකක්.

Xiao zhan ගෙ තාත්තා සාමාන්‍යයෙන් Vogue වගේ fashion magazine බලන්නෙ නෑ. ඒත් එයාගෙ අම්මා නම් ඔක්කොම මේ වගේ සඟරා, පත්තර ගන්නෙ zhan මේ industry එකට ගිය දවසේ ඉඳලමයි..

සාලේ පොඩි මේසය උඩ තිබුණු අලුත් සඟරා වල උඩම තිබුණු Vogue magazine එකට තාත්තාගේ ඇහැ ගියේ පිටකවරය දැකලා.

" මේ අපේ zhan zhan ගේ යාලුවා නේද නෝනා?? "
තාත්තා අහන කොට අම්මත් ඒ සඟරාව දිහා බැලුවා.

" හ්ම්ම්.."

" ඒ ලමයා හරි හොඳයි නේද?? ආයෙත් වතාවක් මෙහේ එක්ක ගෙන එන්න කියලා zhan zhan ට කියමු.. Chonquing වල බලන්න දේවල් කොච්චර තියෙනවද ? මේ දෙන්නට ඇවිදින්න වෙලාවක් තිබුනෙම නෑ වගේනේ.."
තාත්තා කිව්වා.

" හ්ම්ම්.."
අම්මා එහෙම කිව්වා විතරයි..

Zhan සහ යිබෝ පිටත් වෙලා යනකල් හොඳට හිනාවෙලා වෙනසක් නැතුව හිටියත් එයාගෙ හිත ටිකක් කරදරයෙන් .. අමුතු බරකින් වගේ තිබුනෙ..

එයාට පෙනුනා zhan ගේ වෙනසක්..
පුතා වෙනදාට වඩා ගොඩක් සතුටින් ඉන්නෙ.. මූණ එලිය වෙලා කියලා හොඳට පේනවා..!
ඒ ගැන අම්මාටත් ගොඩක් සතුටක්.. සැනසීමක් දැනුනා.
පහුගිය කාල වල zhan zhan ට මුහුණ දෙන්න වුනේ සුලුපටු කරදර වලට නෙවෙයිනෙ..

ඒත් ඒ සතුටට හේතුව මොකක්ද කියලා අම්මා එච්චර හිතුවෙ නෑ මුලින්ම .

එයා කෑම මේසයේදී ginger and scallion crab දීසියෙ කකුලුවො සුද්ද කරලා එහෙම බොහොම හුරුපුරුදු විදිහට යිබෝගෙ පිඟානට දානවා , යිබෝ කන්න ආස කෑම වර්ග තෝරලා පිඟානට බෙදනවා වගේ දේවල් අම්මා දැක්කා තමයි ..
ඒත් ඒවා zhan ගේ ආගන්තුක සත්කාරකත්වය කියලා අම්මා හිතුවේ..
වෙන කිසිම දෙයක් අම්මා හිතුවෙ වත් නෑ.. හීනෙකින්වත් .

ඒත් .. අද උදේ පාන්දර .. !

අම්මා උදේ පාන්දර ඇහැරෙනවා thai chi ව්‍යායාම කරන්න . ඉර පායන කොටම වගේ. ඒකට ඕන mat එක අරන් එන්න අම්මා උඩ තට්ටුවට ගිහින් හිටියේ ..

එතකොට තමයි එයා ඒක දැක්කෙ..

එයා දැක්කෙ ..නිදන ඇඳුමින් හිටි xiao zhan යිබෝගෙ කාමරේ ඉඳන් එයාගෙ කාමරයට ගිහින් දොර වහගන්න හැටි..
හිමිහිට අඩි තියලා..සද්දයක් නැති වෙන්න. ..

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now