Li wei එයාගෙන් ඈත් වෙයිදෝ බයෙන් වගේ yang sheng එයාව තදින් බදාගෙන , තමන්ගේ මුහුණ li wei ගේ නිරුවත් පපුවට හේත්තු කර ගත්තා..
ඒ විදිහට එයා ටිකක් වෙලා හිටියා.. Li wei ටත් නැගිටින්න ලෝබ හිතිලා වගේ එයාව තදින් වැලඳගත්තා.." li wei.. දන්නවද.."
තාමත් li wei ව බදාගෙන පපුවට තුරුලු වෙලා .. තාමත් li wei ගේ උණුසුම ඇතුලේ ඉඳගෙන yang sheng මිමිණුවේ රහසින් වගේ.." ඔයා එක්ක එක්උනාට පස්සේ මගෙන් release වෙන්නේ මේ fluid විතරක් නෙවෙයි ..
මාව වසා ගත්ත කලු පාට දුමාරයෙන් කොටසකුත් ඒ හැම වාරයකම පිටවෙලා යනවා..!! "ඒ කතාවට li wei ට දැනුනේ හදවත් කීරිගැහෙන ගතියක්..
එයා ගැන අමුතු වේදනාවක්.." sheng .. මොකක්ද ඒ කතාවෙ තේරුම?? මොන කලුපාට දුමාරයක්ද?? "
ප්
" පෙනුනෙ නැතුවට කලු දුමාරයක් වගේ වරදකාරී හැගීමක් ක්මාව වහගෙන තියෙන්නෙ li wei.."තාම ඒ දෙන්නගෙ ඉරියව් වෙනස් වෙලා නෑ.. හිටිය විදිහටම තදින් වැලදගෙන ඉන්නෙ..
" රාජකාරි ජීවිතේ පලවෙනි වතාවට මගෙ අතින් මනුස්සයෙක් මැරුණා li wei.."
Yang sheng ගෙ ඇස් වලින් කඳුලක් ගලන හැටි li wei ගේ පපුවට දැනුනා..
Li wei ට දැනුනෙ එක පාරටම කාමරය දෙදරන්න අකුණක් ගහනවා වගේ. එයාගෙ තොල කට වියලී ගියා..
" ඒ.. ඒ කොහොමද ??"
Li wei අමාරුවෙන් ඒ වචන පිටකරගත්තා." ඒක උනේ shanghai වලදී.. "
Yang sheng හිමිහිට එයාගෙ ගැඹුරු හඬ අවදි කලා.
" ඔයාට මතකද shanghai museum එකේ ලොකු හොරකමක් උනා. දියමන්ති බ්‍රේස්ලට් එකක් නැති වුනා."Li wei කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ.
" li wei ට ඒක මතක නැද්ද ? හරියටම අපේ පලවෙනි දවසට පස්සේ දවසේ තමයි ඒක උනේ.. "
අමතක වෙන්නෙ කොහොමද !! මොනවා කියන්නද කියලා තේරෙන්නෙ නැතුව මිසක්.
" හ්ම්ම්."
" එදා මම shanghai museum එකට ගිය වෙලාවෙ මම දැක්කා එක්කෙනෙක් දුවගෙන යනවා තාප්පය පැත්තට..
එතකොටත් හොරකම වෙලා ඉවරයි.. මම දන්නවා මේ දුවන්නෙ ඒකට සම්බන්ධ කෙනෙක් තමයි කියලා .."
Yang sheng ඇස් පියාගෙන දිගු සුසුමක් හෙලුවා..
YOU ARE READING
වෙනස් ගිම්හානයක්.. A Different Sumner
FanfictionA close to real life yizhan / zhanyi fanfiction අපි දන්න 2018 TU රූගත කල ගිම්හානය නෙවෙයි .. මේක වෙනස් ගිම්හානයක කතාවක්... Start - 07-may - 2024