62. ආපදාවක් මැද ..

193 38 60
                                    

Li wei අක්කගෙ සැලෝන් එක වහන වෙලාවට ආවේ එයාව එක්කගෙන යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Li wei අක්කගෙ සැලෝන් එක වහන වෙලාවට ආවේ එයාව එක්කගෙන යන්න.

" අක්කා.."
Li wei පිටිපස්සෙන් ගිහින් අක්කාගෙ උරහිස බදාගත්තා..

Li yanmi ව එක පාරටම ගැස්සුනා.. එයා වෙන කල්පනාවක හිටියේ

" ඔයා මොනවද හිත හිත හිටියේ අක්කා ?? "
Li wei ඇහුවෙ විමසිල්ලෙන් එයාගෙ මුහුණ දිහා බලමින්.

" ම්ම් .. මුකුත් නෑ.. අපි යමු.."

එතකොට තමයි එයා දැක්කෙ මේසය උඩ තිබුණු අලුත් මල් පොකුර සහ නෝට් එක.

" අක්කා .. මේ අර shanghai වලදි හම්බ උන කොල්ලා නේද මේවා එවන්නෙ?? "

" හ්ම්ම්.. "

" එයා දිගටම ඔයාට ඩේට් එකකට යන්න කතා කරනවා එහෙම නේද?? "

" ඔව්.. "
අක්කා දිග සුසුමක් හෙලුවා..
" ඒවා වැඩක් නෑ ..li wei.. අපි යමු.."

එයා අත්බෑගයත් අරන් නැඟිට්ටා..

" අක්කා ..ඔහොම ඉන්න .. ඔයා මේ Shanghai කොල්ලාට කැමතියි නේද??

" මට හිතෙන දේවල් වැඩක් නෑ A wei. "

" ඔහොම ඉන්න අක්කා ..!! අපි ජීවත් වෙන්නෙ එක පාරයි , නේද?? හිතට දැනෙන දේට එක පාරක් ඉඩ දුන්නට වැරැද්දක් නෑ කියලා මට නම් හිතෙන්නේ . "

අක්කා ඇස් දෙකත් ලොකු කරගෙන බැලුවා li wei දිහා.

" ඔව්.. අක්කා . නැත්නම් අපිට කවදාහරි පසුතැවීමක් විතරයි ඉතුරු වෙන්නෙ..! අපේ හිතට දැනෙන ඒ හැඟීම්.. ! ඒවාට ඉඩ දුන්නම ජීවිතේට තේරුමක් එනවා අක්කා ..ජීවිතේ ලස්සන වෙනවා.."

Li wei කියන්නෙ හීනයක ඉදගෙන වගේ.

මල්ලිගේ වචන වල තිබෙන අර්ථය ගැන li yanmi දිගට කල්පනා කරන්න පටන් ගත්තා ඒ වෙලාවෙ ඉඳන්.. !

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now