63. Henan Diaries

182 31 70
                                    

Chase the breeze කණ්ඩායම භූමිකම්පාව නිසා ගෙවල් දොරවල් අහිමි වෙලා තාවකාලික කඳවුරු වල ඉන්න පිරිස බලන්න ගියා..
ඒ ගියේ ඒ අයට අත්‍යවශ්‍ය දේවල් ගොඩක් අරගෙන.

හදිසියේ තීරණය කරලා, යිබෝවයි zhan වයි විතරක් තනියම එවන්න බැරි නිසා මේ ගමන ආවට .. ඒකෙන් උනේ හොඳ දෙයක්.

මහා කරදරයක්  මැද හිටිය ඒ අයගේ දුක මොහොතකට අමතක කරන්න හේතුවක් උනා ජනප්‍රිය තරු ගොඩක්ම එයාලගෙ දුක සැප බලන්න ආව එක..

" අපේ චිත්‍රපටයේ ප්‍රධාන නලුවෙක් වෙන wang yibo ගේ hometown එක විපතකට පත් වුන වෙලාවෙ අපි හැමෝම ආවේ එයා වෙනුවෙන් .. එයාගෙ උපන් ගමේ ජනතාව වෙනුවෙන් .."
මාධ්‍යයට අදහස් දක්වමින් එහෙම ප්‍රකාශයක් කලේ අධ්‍යක්ෂක zhang weiwen .

Crew එක මුකුත් publicity එකක් මේ ගමනෙන් බලාපොරොත්තු උනේ නෑ.. එයාලා ආවෙ zhan යිබෝ දෙන්නා වෙනුවෙන් .. ඒත් Media වල ඒක ප්‍රධාන ප්‍රවෘත්තියක් උනා.  Hot search එකක් උනා..
ඒක නිසා දැනටමත් වැඩි වෙමින් පවතින chase the breeze රසිකයො ගණන තවත් වැඩිඋනා..

...............❤️💚..........

Henan medical center කියන private hospital එකට යිබෝ zhan එක්ක ගියේ එයාගෙ ආච්චි අම්මාව සහ සීයාව බලන්න .
Zhan ව යිබෝ හඳුන්වලා දුන්නෙ හොඳ යාලුවෙක් කියලා ..

දැන් එයාලට මුකුත් අමාරුවක් නෑ.. හොඳ වෙලාවට එයාලා ඒ වෙලාවෙ ඉඳලා තියෙන්නෙ basement එකේනෙ. ඒ දෙන්නට හිතට අමාරු ජීවත් උන මහගෙදර බිමට සමතලා උන එක..

" ඕක මොකක්ද ආච්චි අම්මා.. මම ඊට වඩා හොඳ ගෙයක් අරගෙන දෙන්නම් ඔයාලා දෙන්නට .. වැදගත්ම දේ ඔයාලට කරදරයක් නැති එකනෙ.."
යිබෝ කිව්වෙ ඒ දෙන්නගෙම අත් අල්ලා ගෙන.

.................❤️💚.........

Henan වල යිබෝගෙ ගෙදරට යන කොට නම් හොඳටම හැන්දෑ වෙලා තිබුණා.

Henan වල යිබෝගෙ ගෙවල් තිබුනු ප්‍රදේශයට නම් වාසනාවට මුකුත් හානියක් වෙලා නෑ. හැමදේම සුපුරුදු විදිහටම තිබුණා.

" යිබෝ.. !!! පුතා.."
අම්මා දුවගෙන ඇවිත් යිබෝව බදා ගත්තා..

" මමා..!! "
යිබෝ අම්මලව හමුවුනේ ගොඩක් කාලයකට පස්සේ ..

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now