32. ඔයා එනකල් ගෙදර ලයිට්ස් දාලා තියන්නම්..

277 61 138
                                    


Chase the breeze ශූටින් අතර විරාමයකදී zhan හිටියේ එයාගෙ ෆෝන් එකෙන්  ඇදුම් කට්ටල වල පින්තූර කිහිපයක් දිහා උනන්දුවෙන් බලමින්. 
ඒ weibo night එකට අදින්න එයාගෙ stylist තේරුව ඇදුම්..

" මොනවද zhan ge බලන්නෙ? ඔහ්..මේකද ඔයා අදින්නෙ ?? "
එතනට ආව යිබෝ කිව්වෙ zhan ගෙ උරහිස උඩින් ෆෝන් එකට එබිලා..

" ඔව්.. මේ සූට් දෙක තමයි මම තෝරා ගත්තෙ .. හොදයිද?? "

Elie saab කහ පාට සහ රත්තරන් පාට මිශ්‍ර ඇදුමක් සහ Balmain රීදී නූලෙන් වැඩ දාපු කලු පාට ඇදුමක් එයා තෝරාගෙන තිබුනා.. !! හරිම සියුම්.. හරිම sophisticated ..
Xiao zhan ටම ගැලපෙනවා.

" වාව්.  ඒක මාර ලස්සනයි Zhan ge.. දෙකම හරි ලස්සනයි !!
මට නම් එක සූට් එකයි අදින්න වෙන්නෙ...."

සාමාන්‍යයෙන් ආර්ටිස්ට් කෙනෙක් weibo night වගේ ප්‍රධාන සම්මාන උලෙලකට outfits දෙකක් අදිනවනෙ.. විශේෂයෙන් සම්මාන වලට නිර්දේශ වෙලා තියෙන කොට..

" ඇයි බොබෝ ඒ..?? "

" මට එදා ඉක්මනින් යන්න වෙනවා..
මගෙ කලින් ෆිල්ම් එකට ඕන beijin වල night scene එකක් ශූට් කරන්න දාගන්න වෙනවා. වෙන දවසකුත් නෑනෙ zhan ge.. "

" ඔහ්.."
Zhan ගේ මූණ අදුරු උනේ කලින් එයාලගෙ සැලසුම් මතක් වෙලා..
Weibo night ඉවර වෙලා zhan ගේ අපාර්ට්මන්ට් එකට යන්න .. ඊට පස්සේ ඉතින් මොන වගේ හොද දේවල් සිද්ධ වෙන්න තිබුනද..?

" baobao.... මූණ ඔය විදිහට හදා ගන්න එපා.. "

‍යිබෝ ඒක කිව්වෙ බොහොම හිමින්.. Zhan ගෙ කන ලගටම ලංවෙලා ..

"weibo night ඉවර වෙනකල් ඉන්නෙ නැතුව හරි මම ඉක්මනින් ගිහින් ඒ වැඩේ පුළුවන් ඉක්මනින් ඉවර කරගන්නම්.... "

" හරි.. එහෙම කරමු.."
Zhan කිව්වෙ පොඩ්ඩක් වටපිට බලලා තමන්ගේ කන්පෙත්ත උඩ තියෙන යිබෝගෙ දෙතොල් වලින් ඈත් වෙන ගමන්..

" ඉතින්.. ඔයා මොකක්ද weibo night අදින්න ඉන්නෙ බොබෝ ?? "
Zhan ඇහුවේ රහස් මාතෘකා වෙනස් කරන ගමන්..

" කලුපාට එකක් තෝරා ගත්තේ..all black !! High neck!! තව chanel brooch එකක් එක්ක අදිනවා.."

" wow! සෑහෙන මිල අධික chanel brooches කියන්නෙ ඔයාගෙ signature style එකක්නෙ "

" ඔව්.  මම ඒවට කැමතියි.."
Xiao zhan ට ඒක නෝට් වෙලා තියෙන එක ගැන සතුටින් යිබෝ කිව්වා..

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now