Wang yibo එදා හිත රිදිලා හිටියේ ..
ගොඩක් හිත රිදිලා..ඒ කාලෙකට පස්සේ එයා තනියම කාමරේ නිදාගත්ත දවසක්..
වෙනදා එයාගෙ කාමරේ හරි xiao zhan ගේ කාමරේ හරි ඒ දෙන්නා නිදාගන්නෙ එකම ඇඳක.. !! එකිනෙකාගෙ උණුසුම හොඳට දැනි දැනී.. !
ඒත් ඊයෙ හිත පාරන සීතලක් එක්ක එයා තනියම ඇඳේ වැතිරිලා හිටියා..උදේ නැගිටලා ලෑස්ති වෙලා , එලියට ඇවිත් zhan ගේ කාමරය ලඟ නැවතිලා බලන කොට එයා දැක්කා zhan දැනටමත් පිටත් වෙලා ගිහිල්ලා කියලා . මීට කලින් එහෙම වෙලා නෑ..
මැලවුනු මුහුණින් යුතුව යිබෝ set එකට ගියාම එයා දැක්කා දැනටමත් xiao zhan ගේ ශූටින් පටන් අරගෙන කියලා .
Li wei ඉන්නෙ yang sheng ගේ ගෙදර තනියම ..
එයා බලාගෙන ඉන්නවා yang sheng එනකල්." එන්න යිබෝ ඔයාගෙ මේකප් එක දාන්න.. ඊලගට තියෙන්නෙ ඔයාගෙ සීන් එකනෙ.."
Makeup artist යිබෝට කතා කලා.මේකප් එක දාන අතර යිබෝගෙ හිතට උල්කටු අනිනවා වගේ රිදුම් දුන්නේ ඊයේ xiao zhan කියපු වචන.
යිබෝ වැරැද්දක් කරලා නෑ..
එයාට ඕන උනේ xiao zhan ට හොඳක් වෙනවා දකින්න විතරයි.
ඒක අනුකම්පාව නිසා කරපු දෙයක් නෙවෙයි ..
ඇයි zhan ge ඊයේ රෑ මම වැරැද්දක් කලා වගේ මට කෑ ගැහුවේ.
එයාට තිබුන ආදරේ නිසානේ ඒ audition එකේ මම එහෙම කලේ..
ඇත්තටම යිබෝගෙ හිත ගොඩක් රිදිලා තිබුනේ.." yang sheng ..සෙට් එකට එන්න .. ඊලඟට ඔයාගෙ සීන් එක තියෙන්නෙ.."
Portable Speaker එකෙන් කියනවා ඇහුන යිබෝ ඉක්මනට එතැනට ගියා..
.......❤️💚.....
හදිසි රාජකාරිය නිම කරලා ආව yang sheng ඉදිරිපස දොර ඇරගෙන නිල නිවාසයට ඇතුලු උනා..
කෝ li wei??
එයාගෙ සපත්තු දෙක නම් තියෙනවා." li wei.. "
Yang sheng කතා කලා..
ප්‍රතිචාරයක් නෑ..
Yang sheng ගෙදර ඇතුලට ඇවිත් දොර වහලා ඩයිනින් රූම් එක පැත්තට ගියා..
මේසය උඩ කෑම වහලා තියෙනවා.. Li wei කෑම කාලත් නෑ.
YOU ARE READING
වෙනස් ගිම්හානයක්.. A Different Sumner
FanfictionA close to real life yizhan / zhanyi fanfiction අපි දන්න 2018 TU රූගත කල ගිම්හානය නෙවෙයි .. මේක වෙනස් ගිම්හානයක කතාවක්... Start - 07-may - 2024