17. එහෙනම් වෙන දවසක..???

273 51 115
                                    

උදේම Shanghai city bank එක ලග ලොකු කලබලයක්..
එලියේ සෙනගත් පිරිලා.
බැංකුවේ සේප්පුවක් කඩලා කිලෝ විස්සක විතර රත්තරන් පවුම් අතුරුදහන් වෙලා..

පොලිස් වාහනයක් නලා පිඹගෙන ඇවිත් එතනින් නැවැත්තුවා.
ඒකෙන් බැස්ස නිලධාරින් අතර ප්‍රධානියා විදිහට පෙනුනෙ තරුණ කඩවසම් අයෙක් ..
එයාගෙ නම Yang Sheng.

මෙහේ පොලිස් ස්ටේශන් එකට yang sheng අලුතෙන්ම තමයි chief officer විදිහට ආවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙහේ පොලිස් ස්ටේශන් එකට yang sheng අලුතෙන්ම තමයි chief officer විදිහට ආවේ. එයාට කලින් හිටිය එක්කෙනාටත් දුර පලාතකට මාරු වෙලා යන්න උනේ shanghai වල පහුගිය අවුරුද්දක් ඇතුලත සිද්ධ උන සූක්ෂම මංකොල්ල කෑම් කීපයක්ම කලේ කවුද කියලා හොයා ගන්න බැරි උන නිසයි.

ගේට්ටුව ලගට යන්නත් කලින් එයාලා ලගට දුවගෙන ආවේ මැදිවිය පහු කරපු නලල දෙපසින් තට්ටය තිබෙන කොණ්ඩය සුදු වුන බැංකුවේ සෙකියුරිටි ඔෆිසර් කෙනෙක් ..

" බොහොම හොදයි.. සර්ලා ඉක්මනින්ම ඇවිත්..
මම David .බැංකුවේ සෙකියුරිටි ඔෆිසර් කෙනෙක් .."

" හ්ම්.. මොන තට්ටුවේද city bank එක තියෙන්නෙ ?? "

Yang shen ඇහුවේ තමන් ඉදිරියේ තියෙන තට්ටු 56 ක් උස shanghai trade center බිල්ඩින් එක දිහා බලාගෙන ..

" 24 වෙනි තට්ටුව. සම්පූර්ණයෙන්ම බැන්කුව විතරයි ඒ floor එකේ තියෙන්නෙ . සේප්පුව තියෙන්නේ දකුණු පැත්තේම තියෙන කාමර වල... "
ආරක්ෂක නිලධාරියා උත්තර දුන්නෙ yang sheng දිහාම බලාගෙන .

" හ්ම්ම්.."

"ඔබ වෙන්න ඕනා අලුත් chief officer. ඔබ මේ තරම් තරුණයි කියලා මම හිතුවෙ නෑ.."

Security officer කෙනෙක්ගෙ ඒ වගේ ප්‍රකාශ වලට උත්තර දිදී ඉන්න වෙලාවක් නැ yang sheng ට.
එයා අනික් officers ලත් එක්ක බිල්ඩින් එක පැත්තට ගියා.

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now