88. Broken arms. Broken hearts..

163 41 46
                                    

Bubble tea cup හතරක් අරගෙන mei li ගෙ ඇසිස්ටන්ට් rosie , hospital room එක පැත්තට ආවා. එයා දැක්කා කොරිඩෝ එකේ යිබෝ, lele එක්ක පිටවෙලා යන හැටි.
ඔහ්.. එයාලා ගේන්න කිව්වට නොබීම යනවා.. මම පරක්කු උනා වත්ද කියලා හිතමින් එයා හොස්පිට්ල් රූම් එකට ඇතුලු උනා..

" mei li.. ඇයි මේ..?? "
දොර අරින කොටම mei li හිටිය හැටි දැකලා rosie කලබල උන පාර තව පොඩ්ඩෙන් අතේ තිබුනු bubble tea ටික බිම වැටෙනවා . එයා ඒවා ටේබල් එක උඩින් තියලා mei li ලඟට දුවගෙන ආවා.
Mei li ට හොඳටම දාඩිය දාලා තිබුනෙ. එයා හුස්ම ගන්න වේගය ටිකක් වෙනස් කියලා පෙනුනා. එයා දුවලා ගිහින් නර්ස් කෙනෙකුට කතා කලා.

" mei li.. ඔයාට අමාරුද ආයෙත් ?? "
ඉක්මනින් ආව හෙද නිලධාරිනිය එයාව පරීක්ෂා කලා..

" නෑ.. ලොකු අමාරුවක් නෑ.. පොඩ්ඩක් හුස්ම ගන්න අපහසු වගෙයි .."
Mei li හිමින් උත්තර දුන්නා.

" මම කිව්වනෙ ගොඩක් කතා කරලා වෙහෙස වෙන්න එපා කියලා.. !! ඒත් ඇයි මේ මොනිටර් එක වැඩ කරන්නෙ නැත්තෙ.?? ඔහ් ..මේක ගැලවිලානෙ.."
හෙදිය pulse oxymeter එක ආයෙත් ඇඟිල්ලට සවිකරලා , ඔක්සිජන් මාස්ක් එක ආයෙත් සකස් කලා..

" ඉන්න .. මම ගිහින් ඩොක්ටර්ව එක්ක ගෙන එන්නම්..."
එහෙම කියලා නර්ස් පිටවෙලා ගියාට පස්සේ rosie , mei li ලඟට ආවා..

" mei li.. ඔයා අඩනවද?? "
Rosie මීට කලින් කවදාවත් දැකලා නෑ එයාගෙ ඇසකින් කඳුලක් එනවා.
" ඇයි...ඔයාට අමාරුද?? "

අමාරුවක් නෑ කියන්න හිස සැලූ mei li ඇස් දෙක හොඳටම පිසදාගත්තා..
ඊලඟට එයා ඇසිස්ටන්ට්ගෙන් ඇහුවෙ හදිසි ප්‍රශ්නයක් ..

" rosie , ඔයා දැන්ම බඳින්න අදහසක් නැද්ද ?? "

" ඔහ්.. තාම නෑ mei li.."
ටිකක් ලැජ්ජාවෙන් වගේ rosie උත්තර දුන්නා.

" හරි වයසට බඳින්න .. බබෙක් හදන්න .
කවදාවත් රස්සාව මුලු ජීවිතේම කර ගන්න එපා..
අවුරුදු ගානක් ගියාට පස්සේ ඉතුරු වෙන්නෙ පසුතැවීමක් විතරයි නැත්නම්  .."

Mei li කිව්වෙ තමන්ටම කියා ගන්න විදිහට ..

................❤️💚.....       

Beijing වල සිට shanghai වෙත යන ගුවන් යානයේ, first class අංශයේ wang yibo සහ lele වාඩි වෙලා හිටියා..
යිබෝ හිටියේ ලොකු කල්පනාවක .. එයාගෙ මූණ කවදාවත් නැති විදිහට ඇකිලිලා ගිහින් තිබුනා..

වෙනස් ගිම්හානයක්..                                     A Different  Sumner Where stories live. Discover now