උදේම රූගත කිරීම් තිබුනේ Nanjin පොලීසියේ දර්ශනයක්.
Yang sheng උදේ සුපුරුදු පරිදි වැඩට එනවා.
ඊයෙ පොලිස් නිල නිවාසය ඉදිරිපිටම li wei ව සිප ගත්තත් අද පොලීසියේ කවුරුවත් එයා දිහා විශේෂයෙන් බැලුවේවත් නෑ. මොකද වෙන කවුරුත් ඒක දැනගෙන හිටියෙ නෑ. Chief ට තියෙන බය සහ ගෞරවය නිසාද මන්දා එතන හිටිය තුන්දෙනා ඒ ගැන කාටවත් කියලා තිබුනෙ නෑ.
ඊයේ හවස එයා lift එකක් දුන්න ගර්ල් නම් පොඩ්ඩක් ලැජ්ජාශීලිව " ගුඩ් මෝනින් සර්" කියලා කිව්වා.
ඒත් පොලිස් ස්ටේශන් එකේ පොඩි කසු කුසු රාවයක් තිබුනා ඒ වෙලාවේ. ඒ yang sheng සම්බන්ධ දෙයක් නෙවෙයි .
අර චීන රහස් පරීක්ෂක කාර්‍යාලයේ ඒ කිව්වෙ MSS එකේ ( ministry of state security ) ආඩම්බරකාර රහස් පරීක්ශකයා ඇවිත් පොලීසියට .ඒ රහස් පරීක්ෂකයා සහ chief yang sheng අතර තිබුනේ කාලෙක ඉඳන්ම සීතල යුද්ධයක් . දෙන්නම එකිනෙකාට පරදින්න සූදානම් නෑනෙ.
" hello , yang sheng "
Cao yuchen වාඩිවෙලා හිටිය පුටුවෙන් නැගිටලා අතට අත දුන්නා..Yang sheng වැඩි සිනහවක් නැතුව අතට අත දුන්නා..
" yang sheng දක්ශ විදිහට nanjin කෞතුකාගාරයේ හොරකම නම් නැවැත්තුවාලු නේද?? Congratulations !! "
" ම්ම්.."
Yang sheng පොඩ්ඩක් හිස සැලුවා විතරයි.Nanjin කෞතුකාගාරයේ හොරකම "නම්" කියලා බර කරලා කියපු එකෙන් shanghai කෞතුකාගාරයේ එක වලක්වා ගන්න බැරි වුන එකත් අදහස් කරා කියලා එයාට දැනෙනවා.
YOU ARE READING
වෙනස් ගිම්හානයක්.. A Different Sumner
FanfictionA close to real life yizhan / zhanyi fanfiction අපි දන්න 2018 TU රූගත කල ගිම්හානය නෙවෙයි .. මේක වෙනස් ගිම්හානයක කතාවක්... Start - 07-may - 2024