03 ° ᥫ᭡

543 118 6
                                    

ජන්කුක් තමන්ගෙ මන්දිරයට ආවේ අශ්ව කරත්තයෙන්. ඒක නගරයෙන් හුදකලාවුන මන්දිරයක්..පැත්තකින් එහාට තෙරක් නොපෙනෙන්න කාන්තාරය තිබුනා. ඒත් ඒ අතරින් පතර ගස් වැවුන ක්ෂේම භූමිත් තිබුනා.මොකද ඒ ලඟින්ම නයිල් ගඟ ගලා බැස්සා.ජන්කුක්ගෙ මන්දිරයෙ උද්‍යානයෙ කෙළවර තියන ගිම්හාන කුටිය මායිම් වුනේ නයිල් නදියේ.

කරත්තයෙන් බැහැලා ඇවිත් විශාල තාප්ප වලට අයිති ලී ගේට්ටු ඇරියෙ එයාගෙ මන්දිරේ සේවක සේවිකාවො නැති නිසා. එයා කැමති වුනේ එයාගෙ ආදරේ එක්ක නිදහසේ ජීවත් වෙන්න. සිත්තරෙකුට ඕනිම වුන පළවෙනිම දේ නිදහස් මනසක්.ඒ තුළින් එයා ගොඩක් දේවල් විනිවිද දැක්කා.

කරත්තය ඇතුළට ගත්තට පස්සෙ එයා ආයෙමත් දොරටු වහලා දැම්මා. කරත්තය නවත්තලා අශ්වයන් ඉස්තාලයට දාන එක ජන්කුක් හරි හදිස්සියෙන් කලේ. එයා දන්නවා නොකියා ඉක්මනට ගිය නිසා එයාගෙ ජිමිනි දැන් ඉන්නෙම මූණ බෙරි කරන් කියලා.

කිව්වත් වගේ මන්දිරේ දෙවනි මහලෙ ජනේලය උඩට වෙලා ජිමින් බලන් හිටියා. එයාගෙ ඇඟට ඇඳුමක් හරියට නෑ කියලා ජන්කුක් දැක්කෙ පහලදිමයි. ජන්කුක්ව දැක්ක ගමන් ජිමින් තරප්පු පේළිය දිගේ වේගෙන් දුවන් එන්න ගත්තා. එයාගෙ මෙච්චර වෙලා බෙරි වෙලා තිබුන මූණ ගොඩක් සතුටින් පිරිලා.

"ජන්කුකීහ්..."

ජන්කුක් හිනා වෙවී මන්දිරේ ප්‍රධාන දොර ඇරලා ඇතුළට එද්දිම තරප්පු පේළිය දිගේ දුවන් ආව ජිමින් එයාගෙ ඇඟට පැනලා තුරුලු වෙලත් ඉවරයි. එයාගෙ ඇඟේ ලාවට හරි තිබුන ස්වේත සලුව තරප්පු පේළියෙ මැද වැටිලා තිබුනා.හුරතල් නිරුවතකින් තමුන්ගෙ පපුව අස්සෙ ගුලි වෙලා ඉණ වටේ කකුල් යවාන ඉන්න ජිමින්ව දකිද්දි නම් ක්ලියෝපැට්රා රැජිණියගෙ නිරුවත ඉස්සරහ තපස් රැක්ක ජන්කුක්ගෙ තපස් කොහෙදවත් නෑ.

එයාගෙ දිග ඇඟිලි ජිමින්ගෙ පිරුණ පිටුපසින් උස්සලා අල්ලන් ඉද්දි එයාගෙ පොඩ්ඩක් ඉස්සුන ඇඳුමට යටින් ජිමින්ගෙ යටිකය තදින් දැනුනා.ජිමින් එයාව ගිනි තියනවා.එයාට ඒක දැනෙනවා.

"මිනී පාලුවෙන්ද හිටියෙ මැණික.."

ජන්කුක් හෙමින් මිමිණුවෙ ජිමින්ගෙ කන්පෙති තෝල් වලින් හපන ගමන් හුරතල් කරලා. ජිමින්ගෙ උණුසුමට එයත් ලෝබයි. එයා තුන්සිය හැට පස්දවසෙම හැම තත්ත්පරේම ජිමින්ගෙ නිරුවත දැක්කත් එයාව සම්පූර්ණයෙන්ම පළවෙනිවතාවට දකිනවා වගේ උණුසුම් වෙනවා. ඔව් ජිමින් හිටියේම ඇඳුමක් තියා සලුවක්වත් ඇඟේ නැතිව. හරියට පොඩි ආදරයේ සුරදූතයෙක් වගේ.

"හුම් හුම්..බහින්න බෑ. මිනීට බඩගිනියි.."

ජිමින් ජන්කුක්ගෙ බෙල්ල අස්සෙ මූණ හංගන් කිතිකවනවා. ජන්කුක්ට එතකොට මතක් වුනේ ජිමිනුත් එයත් උදේටවත් කාලා නෑ නේද කියලා.

"දෙවියනේ මට අමතක වුනා මිනී. යමු මොනවා හරි කාලා ඉමු." ජන්කුක් එයාගෙ හුරතලේවත් අරන් කුස්සියට ඇවිදන් ගියා.

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Where stories live. Discover now