36 ° ᥫ᭡

278 86 10
                                    

කෑම කාලා ඉවර වුනාට පස්සෙ මේසෙයත් අස් කරලා දාන්න ජිමින් ජන්කුක්ට උදව් කලේ එයාගෙ ඇඟට ඊයෙ වගේ නැතුව හොඳ පණක් තිබුන නිසා.සේරම ඉවර වුනාට පස්සෙ ජන්කුක් හම් බෑග් එකත් අරන් තරප්පු පේළිය නගින්න ගත්තෙ ජිමින්ව කලින්ම ඇඟ සෝදගන්න බලෙන්ම වගේ යැව්ව නිසා. ජන්කුක්ට ඉක්මනින් නිදාගන්න ඕනි වුනත් එයාට ඉවර කරන්න වැඩ ගොඩගැහිලා තිබුනා. එයා කාමරේට ඇවිත් තාමත් ඇඳන් හිටිය සාලුව අයින් කරලා ඇඳුමක් දාගෙන ජිමින් වෙනුවෙන් දවල් ගෙනාව ඇඳුම් පැත්තකින් තියලා තිබ්බා.

රෑ වෙනකන් ඇහැරන් ඉන්න ඕනි නිසාම කොපී එකක් හදාගන්න ඕනි වුන ජන්කුක් පහලට යද්දි හෙමින් අඩි තිය තිය කාමරේට ආව ජිමින් ජන්කුක් තියලා තිබ්බ ඇඳුම් දිහා බැලුවා. ඇඟට පහසු රෙදි වලින් කරපු සැහැල්ලු ඇඳුම් එතන තිබුනෙ. ජිමින්ගෙ මූණ හිනාවකින් පිරුණේ ජන්කුක් එයා වෙනුවෙන් කරන දේවල් එයාව දියකරන්න වගේ නිසා. එතන තිබුන දණහිසට වඩා කෙටි වුන කලිසම ජිමින් ඇන්දත් එයාට ඕනි වුනා කමිසය වෙනුවට ජන්කුක්ගෙ සුවඳ තියන එකක් අඳින්න.

"මොකද්ද කරන්නෙ? "

ජන්කුක් කාමරේට ඇවිත් ඇස් හීනි කරලා බලද්දි ජිමින් ජන්කුක්ගෙ ජන්කුක්ගෙ ලොකු කමිසයක් ඇඳගෙන කලබලේ නිසා වැරදියට බොත්තම් දානවා. ඒවා පිළිවෙලකට නොදැම්ම එකෙන් හුරතල් ලස්සනක් ජිමින්ට එකතු වෙලා.

"මං..? "

"ඔව් මෙතන වෙන කවුරුත් නෑනෙ? "

ජන්කුක් ජිමින් දිහා බලලා එයාට කැමති එකක් ඇඳගන්න දීලා කෝපි කෝප්පය මේසය උඩින් තිබ්බා.අඳින පුවරුවට අලුත් කැන්වස් එකක් රඳවපු ජන්කුක් ආයෙත් ජිමින් දිහා බලද්දි ජිමින් හොර වැඩක් කරපු පොඩි එකෙක් වගේ බිම කකුල් වලින් හූරනවා. ජන්කුක් කට කොණින් හිනා වෙලා ඉණ ගාවට විතර උස ලී බංකුවක ඉඳගත්තෙ කැන්වස් එක ඉස්සරහ.

"කෝ එන්න.."

ජන්කුක් කෝපි කෝප්පය අතට ගන්න ගමන් ජිමින්ට කතා කලේ ජිමින් ඇස් ලොකු කරන් එයා දිහා බලද්දි. ජන්කුක් ඇස් වලින් එයාට එන්න කියලා ඉඟිකරපු නිසා එයා එතනට ඇවිදන් ගියෙ ඇයි කියලා අහන්න වගේ. ඒත් නොහිතුව විදිහට එයා ලං වුන සැනින් ජන්කුක් එයාගෙ අතින් ඇදලා තමන්ගෙ එක කකුලක් උඩින් ඉන්දවගත්තා.

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Donde viven las historias. Descúbrelo ahora