ඇඳුම්වත් මාරු නොකරම පහලට ගිය ජන්කුක් මැටි භාජනයකට වතුර රත් කරන්න ගත්තෙ රාත්රී කෑමට බිම්මල් රවුමට කපනගමන්. ඒවා සෝදලා ලිපේ තිබුන වතුර එක අයින් කරලා බිම්මල් තැම්බෙන්න තිබ්බ ජන්කුක් වීදුරු බඳුනකට උණු වතුර අරන් ආයෙත් කාමරේට ආවේ ජිමින් ජන්කුක් තියලා ගිය විදිහටම ලොම් කලලා උඩ ඉඳන් ඉද්දි. ජිමින්ගෙ ලඟින් බිම දණගහගත්ත ජිමින්ගෙ කමිසය උඩට කරලා තුවාල වුන දණහිස මද රස්නෙ උණුවතුරින් සෝදන්න වුනේ වචනයක්වත් නොකියා.
ජිමින්ට ඒකෙන් රිදුනෙ නැතත් එයාගෙ දුක හිතුනා. තමන්ගෙ අම්මා අප්පටත් වඩා එයා ගැන කරදරවෙන මේ ආගන්තුක තරුණයා ගැන ජිමින්ට තිබුනේ උණුසුම් හැඟීමක්. එයා කියන දේ අහන්නෙ නැතිව තමන් තනියම මිදුලට ගිහින් වැටුන එකට ජන්කුක්ට තරහ යන එක පුදුමයක් නෙවෙයි. එයා කඳුලු පුරවගෙන තමන්ගෙ දණහිස සෝදන ජන්කුක්ගෙ ඔලුව අත දික් කලේ ජන්කුක් එයාට ආයෙත් බනීවිද කියලා හිත හිත.
"ම්හ්...ආහ්.."
ජිමින් ආයෙත් අත පපුවට තුරුලු කරගත්තෙ එයාගෙ කකුල ජන්කුක් අතින් තද වුන නිසා.එයාට ඒකට කෙඳිරිගෑවුණා. ඒත් ඊටපස්සේ ඒකට පොඩි හුළඟක් දැනෙද්දි ජිමින් දැක්කා ජන්කුක් ඒකට පිඹිනවා කියලා.එයා ඇස් වල කඳුලු පුරවන් ඉද්දි ජන්කුක් බෙහෙතුත් දාලා ඉවර වෙලා දණහිස රෙදි තීරුවකින් ඔතලා තිබුනා...
"පුලුවන් නම් දැන් නැගිටලා දඟලලා පාරගන්නවා. ඇත්තමයි ඊළඟට ගහන්නෙ අනිත් පස්සත් රතු වෙන්න.."
ජන්කුක් සීතල නපුරු කටහඬින් කියලා වතුර භාජනයත් අරන් නැගිටලා යන්න හදද්දි ජිමින් කලබලෙන් ජන්කුක්ගෙ කමිසය අල්ලගත්තා. එයගෙ තරු පිරුණ ඇස් ආපහු හැරුණ ජන්කුක්ගෙ මුරණ්ඩු ගැඹුරු ඇස් එක්ක පැටලුනා.
"මොකද්ද? "
"....... ත් තරහද ජන්කුක්? "
"....... "
"ස්... සමාවෙන්න ආයෙත් එහෙම.. කරන් නැහැ..පොරොන්දු වෙනවා.."
ජිමින් බය වුනා ජන්කුක් එයාට කලින් වගේ සලකන එකක් නැහැ කියලා. උදේ ජන්කුක් එයාගෙ ඔලුව අතගාලා නළල සිපගෙන 'වස්තුව' කියලා කතා කරපු එකට ජිමින් වරුවක් ලොම් කලලා උඩ පෙරලි පෙරලි ලැජ්ජාවෙන් හිනා වුනා.එයාට ජන්කුක්ගෙ ඇඳුමවත් ගලවන්න ලෝබ හිතුනා. ඒක ජන්කුක් සුවඳයිනෙ. ඒත් එයා හදිස්සියෙ දැක්කෙ වේළිලා මැරෙන්න යන මල්ගස්. ජන්කුක්ට කවදාවත්ම ඒවා වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තිබුණේ නැහැ. ඔය කාලෙකට කලින් එයාගෙ ගේ බලාගත්ත වයසක කාන්තාව මෙරාන් පැළ කරපුවා. එයා ස්වර්ගස්ථ වුනාට පස්සෙ ජන්කුක් ඒවා දිහා ඇහැක් ඇරලා බලලා නැහැ.
ජන්කුක් ජිමින්ගෙන් එයාගෙ කමිසය මුදවගෙන යන්න ගියෙ තාමත් පහනොවුන කේන්තියෙන්.ජිමින්ට තුවාල කරගත්ත එකට එයා පොඩ්ඩක්වත් සමාව දුන්නේ නැහැ. තමන්ව ගණන් නොගෙන යන ජන්කුක් දිහා බලන් හිටිය ජිමින් කඳුලු පුරවන් ලොම් කලාලය උඩ ගුලි වුනා.
ජන්කුක් පහලට ඇවිත් රෑ කෑමට තම්බපු බිම්මල් වගේම බැටලු මාංශ ව්යාංජනයක් හදලා තිරිඟු පිටි වලින් රොටි වර්ගයක් හැදුවා. ඒ සේරම පිළිවෙලකට මේසෙන් තියලා වහලා දාලා නාන්න ඕනි නිසාම ආයෙත් එයා කාමරේට ආවා.ජන්කුක් එනකන් පැය එකහමාරක් තිස්සේ බලන් හිටිය ජිමින්ට ඒ වෙද්දි පුංචි හුරතල් බෝලයක් වගේ ගුලි වෙලාම නින්ද ගිහින් තිබුනා ජන්කුක් දැක්කා. එයා නාන කාමරයට ගියේ කලින්ම එයා වතුර පිරෙන්න ඇරලා තිබුන නිසා.
ජන්කුක් පැය භාගයක් තිස්සෙ නාලා ඉණෙන් සාලුව ඇඳන් එළියට ආවේ තෙත කොණ්ඩය දෙපසට ගසන ගමන්. සීතල සිරුරට සහනයක් දෙන්න වගේ එයා චිත්ර පිළිවෙලට තබා තිබුන මේස ලාච්චුවෙන් සිගරටුවක් දල්ව ගෙන මේසයට බර වෙලාවම දුම් රැල්ලක් පා කලා. දිගු වෙහෙසකර දවසකට පස්සෙ එයා බලාපොරොත්තු වුනේ සහනයක්.
එයාගෙ ඇස් ගිහින් නැවතුනෙ මේසය උඩ තිබුන පැපිරස් පත්ර වලින් කරපු එතුම ලඟ. ඒක ජන්කුක්ට මතක් වුනේ දැන්. කලින් ඇවිත් තරහට ඒක මේසය උඩට සාක්කුවෙන් අරන් විසික් කලත් දැනුයි එයාට ඒ මොකද්ද කියලා මතක් වුනේ. සිගරටුව තොල් වල රඳවගත්ත ජන්කුක් ආභරණ කට්ටලය අරන් ජිමින් ගාවට ඇවිදන් ගියෙ කලින් තිබුන තරහ කේන්තිය දුක වතුරත් එක්කම දිය කරලා දාල තිබුන නිසා.
________________________________
●. ජන්කුක්ව පෙන්නුවෙ නිකටම වගේ. කෙළහලන්න එපා.😌 මේ එයා නපුරු වැඩිද මන්දා..😐
YOU ARE READING
WILDFLOWER [▪︎COMPLETED▪︎]
Fanfiction~ He is like a wildflower; beautiful, fierce, and free.~ ●. 18+