හවස් වෙද්දි ජන්කුක් තමන්ටත් වඩා ලොකු කලු කබායක් ඇඳගෙන පින්සල් කැන්වස් තියන හම් බෑග් එක පිටේ දාගත්තා. එයාගෙ ශක්තිමත් කලු අශ්වයා දැනටමත් මන්දිරය ඉස්සරහ රඳවලා තිබුනා. අශ්වයගෙ පැත්තකම අඳින පුවරුවේ ලී දඬුත් ගැටගහලා තිබුනෙ වැටෙන්නෙ නැති වෙන්න.
"හරි මිනී අපි යමු.."
ජන්කුක් අන්තිමට එයාලගෙ අමතර කෑම ටිකත් බෑග් එකට ඔබාගෙන ජිමින්ට කතා කරද්දි ජිමින් තරප්පු පේළිය දිගේ පහලට දුවන් ආවා. ජන්කුක් වගේ දණහිසෙන් පහලට දිග කබායක එයත් ගිලිලා.තව ලොකු හම් බූට් දෙකකුත් එයා දාගෙන හිටියා.
"ඔයා කබාය විතරද ඇඳලා ඉන්නෙ මිනී?"
ජන්කුක් ඇස් හීනි කරලා ජිමින්ගෙන් ඇහද්දි ජිමින් හුරතල් හිනාවක් දාලා එයාගෙ කබායෙ තිබුන ලොකු එකම බොත්තම ගලවලා පෙන්නුවා. එයා ජන්කුක්ගෙ ලොකු කමිසයක් වගේම කලිසමක් ඇඳලා තිබුනා. ඒක බලන් ටිකක් වෙලා කල්පනා කරපු ජන්කුක් ඔලුව දෙපැත්තට වැනුවෙ එහෙම බෑ කියන්න.
"ම්හු. කලින් විදිහට ඉන්න මැණික. කබාය විතරක්.."
"මොකද්ද? "
ජිමින් පුදුමෙන් ඇහුවෙ එයාගෙ කබාය දිහා බලන් ඉන්න ජන්කුක්ගෙන්. එයාලා දැන් එළියටයි යන්න ඕනි. ඒකත් නිකන් කබායකින් විතරක්?
"අපි සිතුවම් කරන්න යන්නෙ බෝලේ. ඔයාට ඔය සේරම එතන ගලවන්න අමාරුයි. ඒ නිසා දැන්ම අයින් කරන්න. කබාය තිබුනම ඇති.."
ජන්කුක් කියද්දි ජිමින් බෙල්ලත් ඇල කරන් බලන් හිටියා.
"විදිය හරහා නෙවෙයිද යන්න ඕනි? "
"ඔව් ඒ හරහා තමයි. බය වෙන්න එපා.මං එක්ක යන්නම්. විශ්වාස කරන්න."
ජන්කුක් හිනාවෙලා ජිමින්ගෙ කම්මුල් මිරිද්දි ජිමින් ඔලුව වනලා එකඟ වුනා. එයා කබාය ගලවලා පැත්තකින් තියලා එයාගෙ කමිසයෙ බොත්තම් ගලවන්න ගනිද්දි එයාගෙ අත් වලට වඩා ඉක්මන් වුන ජන්කුක් කලිසම වගේම කමිසයත් ජිමින්ගෙන් අයින් කලා.
"ඔයා ලස්සනම මේ විදිහට කියලා දන්නවද? කැටයමක් වගේ."
ජන්කුක්ගෙ සරාගී කටහඬ ජිමින්ගෙ කනගාවින් ඇහුනෙ ජන්කුක් එයාට ගලවලා දාපු කබාය විතරක් අන්දවද්දි. ජිමින්ව රෝස පාටට හැරුනෙ නිකන් කබායක් විතරක් ඇඳගෙන ඉන්න නිසා. ඒකට තිබුනෙත් බඩ හරියෙන් ලොකු බොත්තමක් විතරයි. එයාගෙ ලැජ්ජාවෙන් මිරිකුණා.
"අනේ ජන්කුකී මේ විදිහටද වීදියෙන් යන්නෙ? "
ජිමින් ජන්කුක්ගෙ පපුවෙ මූණ හංගගත්තා.ජන්කුක් හිනා වෙලා එයාගෙ ලොකු කබාය අස්සට ජිමින්ව දාගෙන තුරුලු කර ගත්තා.
"මෙන්න මේ විදිහට යන්නෙ. බලන්න ඔයාව පේන්නෙ නෑ.."
ජන්කුක් හරි. එයාගෙ කබාය අස්සෙ ජිමින්ටත් ඉන්න ඉඩ තිබුනා ඇති වෙන්න. ජිමින් ඒ විදිහට එක්කගෙන එළියට ආව ජන්කුක් දොරවල් වහලා දැම්මා.එයා අශ්වයගෙ පිටට නැග්ගට පස්සෙ ජිමින්ගෙ පැත්තට අත් දික් කලේ පොඩි දරුවෙක් වඩාගන්න වගේ. ජිමින් එයාගෙ චුටි ඇඟිලි තුඩු වලින් ඉස්සිලා ජන්කුක්ගෙ කර වටේ අත යවද්දි ජන්කුක් පරිස්සමට එයාව වඩා ගත්තා..
එයා හිටියෙ ජන්කුක්ගෙ මූණට මූණ බලාගෙන.ජන්කුක් එයාගෙ වටෙන් අත් යවලා අශ්වයගෙ සැඳැල්ල අල්ලගත්තෙ එක අතකින්. අනිත් අතින් එයා ජිමින්ව වැටෙන්න නොදී එයාගෙ කබාය ඇතුළට තුරුලු කර ගත්තා.
"හරි නේද? අපි යමුද? "
ජන්කුක් එයාගෙ ලඟ ගුලිවෙලා ඉන්න පුංචි ජීවියගෙ නළලට තොල් තද කරලා සිපගෙන ඇහද්දි ජිමින් ඔලුව උඩ පහල කරලා එයා ලෑස්තියි කියලා ඇඟෙව්වා.
___________________________________
■. මං පොඩ්ඩක් ලියන රටාව වෙනස් කලා මේක රසවත් කරන්න ෂරාගී කලා. දැන් නම් ඒක වැඩීද මන්දා.🙂 ඉස්සරහට තවත් රසවත් වෙනවා. වෙනස හොඳද මන්දා. මං උත්සාහ කරපු රසය ලැබෙනවද? නැද්ද?🙂
කියන්න බලන්න දැනෙන විදිහ? තව කීයක් ඕනිද අදට? 🥲
KAMU SEDANG MEMBACA
WILDFLOWER [▪︎COMPLETED▪︎]
Fiksi Penggemar~ He is like a wildflower; beautiful, fierce, and free.~ ●. 18+