05 ° ᥫ᭡

493 108 10
                                    

"ජන්කුකී රැජිනට ඊළඟ චිත්‍රය කවදද දෙන්න ඕනි? "

ජිමින් ජන්කුක්ගෙ උකුල උඩ ඉඳගෙන ජන්කුක් එයාට පොවන සුප් එක රස බැලුවා.ඒත් ජන්කුක්ගෙ මේ තරම් වෙලා හිනාවෙන් පිරිලා තිබුන මූණ රැජින මතක් වුන ගමන් හැකිලිලා ගියා.ආයෙමත් හෙට වෙද්දි චිත්‍රයක් සම්පූර්ණ කරන්න ඕනි. ඒක විකාරයක්.

"හ්ම්.. හෙට වෙද්දි මිනී."

"හෙට? අද පාන්දර වෙනකන්ම සිතුවම් කලාත් එක්කනෙ. හෙටත් ඕනිද?"

ජිමින් ඇස් ලොකු කරන් ඇහුවෙ මේ තරම් ඉක්මනට ආයෙමත් සිතුවම් කරන්නෙ කොහොමද කියලා හිතිලා. ඊයෙ චිත්‍රය ඉවර කරන්න ජන්කුක් ගොඩක් මහන්සි වුනා කියන්න එයා දන්නවා. ජිමින්ට නම් සිනිඳු ස්වේත සලුව ඇඟට ලාවට වැටුන ගමන් නින්ද ගියත් ජන්කුක් ජිමින්ගේ ඒ රූපය දිහා බලාගෙන පැය ගණනක් සිතුවම් කලා. ජිමින්ගෙ මුහුණ සිතුවමේ පෙනුනෙ නැහැ.. තඹවන් කොණ්ඩෙ විතරක් පේන්න පිටුපස හැරිලා ඉන්න එකක් ජන්කුක් ඇන්දෙ.

ඉණ හරහා අන්දවලා තිබුන සුදු සේදයෙන් කැපී පෙනෙන පිටුපස ජන්කුක්ගෙ ඇස් පැහැරගත්තෙ නිකන්ම පින්සල දත් වලට හසුවෙලා විනාඩි ගාණක්ම හැපිලා යද්දි. සෝපාවෙ තමන්ට පිටිපස්ස හරවලා ගුලි වෙලා නිදාගෙන ඉන්න ඒ සුරදූත රූපය එයා වින්දා.

එයා තාමත් ඒ රූපය මනසින් දකිනවා. නොදැක්කත් එයා ඉස්සරහ ඒ විදිහට ම ඒ සිතුවම ජීවමානව ඉන්නවා.

ජිමින්ගෙ තොල් වලින් ලිස්සලා ගිහින් පපුව උඩට වැටුන සුප් බිංදුව දිගේ ජන්කුක්ගෙ ඇස් ගමන් කලා. ඒක ජිමින්ගෙ ළය හරහා ගලාගෙන යද්දි ජන්කුක් පපුවට නැවිලා ඒක තොල් වලින් උරාබිව්වා. ජිමින්ගෙන් හුරතල් දඟකාර හිනාවක් පැන්නෙ ජන්කුක්ගෙ තොල් එයාගෙ පපුව පුරා ඊළඟට යන්න ගනිද්දි.

ජන්කුක් භාගයක් ඉවර වුන සුප් භාජනය පැත්තකින් තියලා ජිමින්ව උකුලෙන් උස්සලා මේසෙ උඩින් තියලා පුටුව ලං කර ගත්තා. ජිමින්ගෙ එකට කර ගත්ත කකුල් වලට තද වුන රෝස මිශ්‍ර යටිකය ලඟ ජන්කුක්ගෙ ඇස් නතර වුනා. ජිමින් සියුම් ලැජ්ජාවකින් ඇඹරෙද්දි ජන්කුක් නැගිටලා ගිහින් රඳවලා තිබුන කුරුලු පිහාටු වලින් තරමක් විශාල එකක් අරන් ආයෙමත් ජිමින් ලඟට ආවේ කට කොණින් හිනා වෙලා.

" උදේ ඉඳන් නේද මාව ඇවිස්සුවේ මැණික? "

ජන්කුක් ජිමින්ගෙ පපුවෙන් කුරුලු පිහාටුව ගෙන යමින් හෙමින් පහලට අරන් ආවේ ජිමින්ගෙ ඇඟම හිරිවැටිලා යද්දි.එයා මේසෙ උඩ පුලුන් බෝලයක් වගේ ගුලි වෙන්න උත්සහ කලත් ජන්කුක් ඒකට ඉඩ දුන්නෙ නෑ..

"ම්ම්.. ජන්කුකී.."

ජිමින්ගෙ ළයෙ රෝස පැහැ සංවේදී තැන් වල නිල් කුරුලු පිහාටුව ගෑවෙද්දි ජිමින් ඉණෙන් ඇඹරුණේ ඇස් තද කරලා පියාගෙන.ජන්කුක් ඒකට හිනා වෙලා පැතලි බඩ දිගේම යටිකය වෙනකන් පිහාටුව අරන් ආවා.

"මං හිතන්නෙ ඊළඟ චිත්‍රයට මට අදහසක් තියනවා මිනී. අපි හවස යමුද කුරුල්ලෝ බලන්න? "

ජන්කුක් අහද්දි ජිමින් ඇස් ලොකු කරලා එයා දිහා බැලුවා. ඒත් ජන්කුක් ඇහැක් ඉඟිකරලා පිහාටුව මේසෙ උඩින් තියලා සුප් භාජනයත් අරන් කුස්සියට ගියෙ ජිමින් කිසිම දෙයක් හිතාගන්න බැරිව බලන් ඉද්දි.

"කුරුල්ලෝ බලන්න? අපි කොහෙද යන්නෙ ජන්කුකී? "

ජිමින් මේසයෙන් බැහැලා පුටුවෙ රඳවලා තිබුන ජන්කුක්ගෙ කමිසය ඇඳගත්තා. ඒකෙ ගිලුන පොඩි තාරා පැටියෙක් වගේ එයත් ජන්කුක්ට දීසි කුස්සියට ගෙනත් දීලා උදව් කලේ කොහෙද යන්නෙ කියලා දැනගන්නත් කුතුහලයෙන්.

"නයිල් නදීතෙරට. මං හිතනවා පර්යටන කුරුල්ලෝ බලන්න පුලුවන් වෙයි කියලා.."

"ඉතින් ඒකෙයි සිතුවමයි අතරෙ සම්බන්ධය? ඔයා කුරුල්ලොද අඳින්නෙ ජන්කුකී? "

ජිමින් තොල් උල් කර කර ප්‍රශ්න කලේ ජන්කුක් වතුර භාජනයෙන් දීසි සෝද සෝද දුන්නම ඒවා අත්පිස්නයකින් පිහදාන ගමන්.ජන්කුක් හිනාවෙලා ජිමින්ගෙ මුහුණටම නැවිලා ඒ බෝල නහය ලාවට හපලා දැම්මා.

"ආව්හ්.."

ජිමින් මූණත් බෙරි කරන් එයාගෙ ස්ට්‍රෝබෙරි පාටට හැරුණ නහය අතින් අතගෑවා.

"ගිහාම බලන්න මොකද්ද අඳින්නෙ කියලා මිනී.." ජන්කුක් එයාම හැපුව නහය උඩින් පොඩි හාදුවක් තිබ්බා.

WILDFLOWER  [▪︎COMPLETED▪︎]Donde viven las historias. Descúbrelo ahora