" අවසර ලබාදෙන්න උත්තමාවිය.. සිත්තරු ජන්කුක් ජෝන් ඔබතුමිය හමුවට පැමිණිලා.."
සේවිකාවක් ක්ලියෝපැට්රා රැජිණියට ආචාර කර යටහත් පහත්ව කියද්දි ජන්කුක් හිටියෙ මාලිගා දොරටුවට පිට දී හේත්තු වෙලා. මොන දේ වුනත් ජිමින්ව මතක් වෙන එක එයාට වළක්වා ගන්න බැරි වුනා. රැජිණියගෙ අතිශය අනර්ඝ රෝස පඳුරු දිහා බලන් ජන්කුක් බර හුස්මක් පහතට දැම්මේ ඒ රෝස තොල් මතකයට නැගීමත් එක්ක. ජිමින් ඒ රෝස මල් වලටත් වඩා සුන්දර බවට ජන්කුක්ට සැකයක් නැහැ.
"මගෙ රෝස මල.."
ජන්කුක්ගෙ තොල් වලින්ම නික්මුණේ පාලනය නොවුන හැඟීම්. රැජිණියගෙ අවසර ලැබෙන්නෙත් කලින් එයාට ඇතුළට යන්න හිතුනා.
ජන්කුක්ගෙ පැමිණීමත් එක්ක ක්ලියෝපැට්රා රැජිණිය අමුතු ජවයකින් සිනාසුනේ ඇස් සතුටින් පිරෙද්දි. කම්මැලි උපදේශකයින්ට වඩා ජන්කුක්ගෙ කඩවසම් මුහුණ දිහා බලන්න ලැබෙන එක මොන තරම් වාසනාවක්ද... එයා විවාහ වුන එයාගෙම සහෝදරයන්ටත් වඩා ඉන්පසු විවාහය වුන සීසර්ටත් වඩා, විවාහ වීමට නියමිත මාර්ක් ඇන්තනිටත් වඩා ජන්කුක් කඩවසම් කියන්න ක්ලියෝපැට්රා රැජිණියට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ.
"ඔහ්..! මොන තරම් නරකද මම ස්නානයට යන වෙලාව එයා වෙනුවෙන් කැප කරන එක. ඔහුට මගෙ තටාකය වෙතට පැමිණිය හැකි නම් කතා කලහැකි බව දන්වන්න. සේවිකාව ස්නානයට සූදානම් කරන්න වහාම..! "
ක්ලියෝපැට්රා දක්ෂ වගේම කපටි බුද්ධිමත් බවකින් යුක්ත වුනා. ජන්කුක්ට සිය හැඟීම් මීට පෙර දැනෙන්න සැලැස්වුවත් ජන්කුක් එයාව පිළිගත්ත බවක් තිබුනෙ නැහැ. රැජිණියට ඕනි වුනේ නැහැ ජන්කුක්ව බලෙන් විඳින්න. එයින් නියම හැඟීම් දැනෙන එකක් නැහැ කියලා එයා උපකල්පනය කලා. ඒත් ජන්කුක් විවාහ කරගන්නත් එයාට ඕනි වුනේ නැහැ. විවාහය තුළින් බලය තහවුරු කරගන්න මාක් ඇන්තනී එක්ක විවාහය තමයි නැණවත්ම වුනේ. ඒත් එයාගෙ හිත ජන්කුක් පැහැරගෙන තිබුනා.එයාට අවශ්‍ය වුනේ ජන්කුක්ව තමන්ගෙ අනියම් ආදරවන්තයා කරගන්න.
රැජිණිය විශ්වාස කලා සුන්දර කාන්තාවක් නිරුවතින් ස්නානය කරන එක බලාගෙන සතුටු සාමීචියේ යෙදෙන්න තරම් ශක්තිමත් පුද්ගලයෙක් ඉන්න එකක් නැහැ කියලා.ජන්කුක් එයාව තටාකයේම තමන්ගෙ කර ගනීවි කියලා රැජිණිය විශ්වාස කලා.ඒකයි එයාගෙ උපාය වුනේ.
"රැජිණිය ස්නානයට සූදානම් වන්නේ. අත්‍යාවශ්‍ය දෙයක් නම් ඇගේ තටාකයට පැමිණෙන්න පැවසුවා."
සේවිකාව ජන්කුක්ට ආචාර කරලා කියද්දි ජන්කුක් පුදුමෙන් ඇස් ලොකු කරලා බැලුවා. රැජිණිය ස්නානය කරන තටාකයට යන්න? ඒක මොන වගේ ආරාධනයක්ද කියලා ජන්කුක්ට සැක හිතුනා. මෙතෙක් කාලෙකට ජන්කුක් රැජිණිය ගැන එතරම් නරකක් දැනිලා නැහැ. එයා දක්ෂ පාලිකාවක්.කාන්තාවක් විදිහට මුලු ඊජිප්තුවම ඇය පාලනය කරන්නෙ ඉතාම අනර්ඝ විදිහට. පැරණි රාජධානියටත් වඩා හොඳින් ගොඩනැගුණ නව රාජධානිය ඒකට හොඳ උදාහරණක්. ඒත් මේ කරන දෙයින් ජන්කුක්ට රැජිණිය ගැන තිබුන ගෞරවනීය ප්‍රතිපත්තිය බිඳවැටෙනවා.
ඒත් එයා ඉක්මනටම ජිමින් ලඟට යන්න ඕනි. එයා තනියම මන්දිරේ තනිකරලා එන එක භයානකයි. ඒ වගේම එයා නිවාඩුත් ලබාගන්න ඕනි. නිවාඩු නැතිව රැකියාවෙන් ඉවත් වෙන්න හෝ එයාට රැජිණිය මුණගැහෙන්නම වෙනවා. නැතිනම් එයාව හොයාගෙන හෙට වෙද්දි සෙබලු මන්දිරයේ ඉඳීවි. කඳුකරයට පැනලා යන්නවත් ඔටුවන් ආහාර වතුර රැස් කර ගන්න කාලයක් ඒකෙන් නැති වෙනවා.
ඔව් ජන්කුක් ඊයෙ රැය නොනිදා කල්පනා කලේ ජිමින්ව රැකගන්න විදිහක්.එයාට පෙනුන එකම මාර්ගය කාන්තාරය පහුකරලා කඳුකරයට පැනලා යන එක. පයින් ගියොත් සති හතරක ගමනක් ඔටුවන් එක්ක ගියොත් සති දෙකහමාරක් ගත වෙනවා. සති දෙකහමාරකට කෑම වගේම වතුර එයා සපයගන්න ඕනි.ඒ වගේම ශක්තිමත් ඔටුවන් දෙදෙනෙකුත් මිලදී ගන්න ඕනි.ඒ වගේම ආයුධත්. ඒ සේරටම ජන්කුක්ට කාලය ඕනි උනා. එයාට රැජිණිය හම්බෙනවා ඇරවෙනත් විකල්පයක් නැහැ.
"හ්ම්. මාර්ගය පෙන්වන්න." ජන්කුක් සීතල ගැඹුරු හඬින් කියද්දි සේවිකාව ජන්කුක්ව මාලිගාවෙ කලුවර වුනත් ඉටි පහන් වලින් ආලෝකමත් කරලා තිබුන තරප්පු පේළි වගේම වේදිකා හරහා රැගෙන ගියා.අන්තිමට ඒ ගමන එක වසා දැමුන දොරකින් ඉවර වුනා.
"ඇතුළට යන්න අවසර ඇත.."
සේවිකාව ආචාර කරලා එකපැත්තකට අයින් වුනේ ජන්කුක් ලොකු හුස්මක් පහතට දාලා ඇස් පියන් නළල මිරිකගනිද්දි. එයාට ඒක මානසිකව අපහසුතාවක් වුනත් එයාට වෙන විකල්පයක් නැහැ.එයා අගුල උඩින් දිග ඇඟිලි තුඩු තියලා විවර කරලා ඇතුළට පළවෙනි අඩිය තිබ්බා.
_____________________________
●. ජන්කුක්ට මොනවා දකින්න ලැබෙයිද දන්නෙ නෑ. පොඩි ළමයි ඒම ඊළඟ එකෙන් ඕක අස්සෙ රිංගන්න එන්න එහෙම එපා.🙂
●. ආ ඒක හෙට.. එක පාට් එකක වචන 500 ගානේ මං අද පාට් නවයක් ටයිප් කරලා. ඒ කියන්නෙ වචන 4500 + 🙂 යසයි.. ගුඩ් නයිට් 🙂❤
ESTÁS LEYENDO
WILDFLOWER [▪︎COMPLETED▪︎]
Fanfic~ He is like a wildflower; beautiful, fierce, and free.~ ●. 18+